දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් - හිතාගන්නවත් බැරි ආදායමක් මෙන්න
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2026 වසරට ලබාදී තිබූ වාර්ෂික ආදායම් ඉලක්කය ඉක්මවා යාමට හැකිව තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ රුපියල් බිලියන 2,402ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ අතර, නොවැම්බර් 16 වැනිදා වන විට රුපියල් බිලියන 2,441.9ක ආදායමක් රැස්කර ගැනීමට හැකි වූ බවයි.
සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට
එය නියමිත වාර්ෂික ආදායම් ඉලක්කයද ඉක්මවා යාමක් වන අතර 2025 නොවැම්බර් 16 වැනිදාට සාපේක්ෂව 2026 නොවැම්බර් 16 වැනිදා වන විට රුපියල් බිලියන 491ක අමතර ආදායමක් රැස්කර ගැනීමටද දෙපාර්තමේන්තුවට හැකිව තිබේ.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 115ක වර්ධනයක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ප්රගතිය තුළින් බදු පරිපාලනයේ ශක්තිමත්භාවය, බදු ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව සහ බදු නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට ජනතාව තුළ ඇති නැඹුරුව පිළිබිඹු වන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.