ලොවම කැළඹෙයි - BBC, CNN ඇතුළු ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවි 178ට සයිබර් ප්‍රහාරයක් - පරිශීලකයින්ගේ ක්‍රෙඩිට් කාඩ් අංක සහ ක්‍රිප්ටෝ මුදල් සොරකම් කරන්න හදයි
BBC, HSBC UAE බැංකුව, Air France සහ IKEA ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි 200කට ආසන්න සංඛ්‍යාවක්, මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ සහ Apple උපාංග ආසාදනය කිරීමේ අරමුණින් දියත් කළ ද්වේෂසහගත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවට විශේෂිත මාධ්‍ය වාර්තා මඟින් ඊයේ(17) දින අනාවරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව ප්‍රධාන පෙළේ සමාගම් විසින් පරිශීලකයින්ගේ අන්තර්ජාල අත්දැකීම් සකස් කර ගැනීමට භාවිතා කරන 'Optimizely' නම් ඩිජිටල් වේදිකාව තුළට, හැකර්වරුන් විසින් දෝෂ සහිත JavaScript කේතයක් ඇතුළත් කර ඇති බව 'Cyber News' වාර්තා කර ඇත.
මෙම ප්‍රහාරය වෙබ් අඩවි 178ක් පමණ ඉලක්ක වී ඇති අතර මෙම හැකර්වරුන් පරිශීලකයින්ගේ ක්‍රෙඩිට් කාඩ් අංක සහ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) සොරකම් කිරීමට උත්සාහ කර තිබෙන බව සඳහන්.
එමෙන්ම Apple උපාංග තවදුරටත් අනිසි ලෙස භාවිතා කිරීමේ අරමුණින් එම උපාංග වෙත විශේෂ කේතයක් ද ඇතුළත් කර තිබෙනවා. මේ අතර මෙම හැකර් ප්‍රහාරය පිළිබඳව මුලින්ම අනාවරණය කරගත් ආරක්ෂක පර්යේෂක ස්කොට් හෙල්ම්, සඳුදා සිය බ්ලොග් අඩවියේ මෙසේ සටහන් කර තිබුණි:
"ලොව වැඩිපුරම පිවිසෙන වෙබ් අඩවි කිහිපයක්ම මෙම ලැයිස්තුවට ඇතුළත් වේ. ඒ අතරට Zoom, BBC, CNN, Salesforce, GitLab, IKEA, HSBC (UAE), Equifax, Air France-KLM, Ledger සහ Peacock යන වෙබ් අඩවි අයත් වේ. නොවැම්බර් 16 වැනිදා පැය නවයක් වැනි කෙටි කාලයක් තුළ, ප්‍රහාරකයාගේ (ක්‍රිප්ටෝ) මුදල් පසුම්බි වෙත ඩොලර් 7,040ක පමණ මුදලක් ලැබී තිබුණි." යනුවෙන්.
5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න
කෙසේ වෙතත් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවිවලින් බොහෝමයක තිබූ එම ද්වේෂසහගත කේත ඉවත් කර ඇති බව හෙල්ම් සඳුදා නිකුත් කළ සටහනේ සඳහන් කර ඇත.
මේ අතර 'Optimizely' සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,
"තමන්ගේ 'Web Experimentation' සේවාව භාවිතා කරන පාරිභෝගිකයින් කිහිප දෙනෙකුට බලපෑ ආරක්ෂක සිදුවීමක් හඳුනාගෙන එය පාලනය කිරීමට" කටයුතු කළ බවයි. තවද "අදාළ අවදානම් සහගත මාර්ගය අවහිර කර ඇති අතර, ඇතුළත් කර තිබූ කේත ඉවත් කර ඇත. එමෙන්ම බලපෑමට ලක්වූ පාරිභෝගිකයින් සමඟ සෘජුවම සම්බන්ධ වී කටයුතු කර තිබේ," යනුවෙන් ඔවුන් X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව සඳහන්.