අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

Report

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අද (18) දින මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 23 මධ්‍යම රාත්‍රී දක්වා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටු වන බවයි.

මෙම කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලු වාහන සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව නොවැම්බර් මස 25 වැනි දින සිට 27 වැනි දින දක්වා ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගුරු පත්වීම්වලට පාසල් මනාප පළ කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - කැඳවීමේ ලිපිය මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විශේෂයි

ගුරු පත්වීම්වලට පාසල් මනාප පළ කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - කැඳවීමේ ලිපිය මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විශේෂයි

එසේම www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය මඟින් මාර්ග ගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ අද සිට ලබන 23 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සඳහන්.

මෙම සේවාව අදාළ කාලය තුළ මෙලෙස අත්හිටුවා ඇත්තේ බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රෝණික පද්ධතියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන්.

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල

බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල