ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් වලට මොකද වෙන්නේ? වැටුප් විෂමතා ගැන සාකච්ඡාව මෙන්න

Report

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව තවදුරටත් සාකච්ඡා වී ඇත.

පසුගියදා එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් ව තිබේ.

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල පහළට - නව මිල මෙන්න

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල පහළට - නව මිල මෙන්න

ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් සහභාගී වී ඇත.

ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමග සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් වී තිබේ.

සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට

සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට

අනුකාරක සභාව විසින් නිලධාරීන් සමග සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.