2027 අයවැයෙන් ඔලිම්පික් වැඩසටහනට මුදල් වෙන් කිරීමට හේතුව මෙන්න
2027 අයවැය තුළින් ඔලිම්පික් වැඩසටහන සඳහා මුදල් වෙන් කරනු ලැබූ හේතුව සම්බන්ධයෙන් අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, එළැඹෙන ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ඉහළ පදක්කමක් රැගෙන ඒමේ අරමුණින් 'මිෂන් ඔලිම්පික්' නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත්, ඒ වෙනුවෙන් මෙවර අයවැය තුළින් මුදල් වෙන් කිරීමට පියවර ගත් බවත්ය.
එම වැඩසටහන යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම ඇතුළු විවිධ වැඩසටහන් සහ කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2027 අයවැය තුළින් වෙන් කර ඇති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න
"අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන සමහර දේවල් තියෙනවා ඒ අවුරුද්ද තුළ වියදම් කරලා අවසන් කරන. අයවැය ලේඛනය කියන්නේ ඉලක්කම් සහිත ලියවිල්ලක් පමණක් නෙමෙයි. රජයක මූල්‍ය ප්‍රතිපත්තිය, රජය රටේ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධව දක්වන අනාගත දැක්මත් ඒ තුළ පිළිබිඹු වෙනවා. ඔය පදක්කම් සම්බන්ධ වාක්‍යයට පමණක් ගියේ නැතිව සමස්ත අයවැය කතාව කියෙව්වොත් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ගොඩනැගීම වෙනුවෙන් රුපියල් මිලියන 17,400ක් වියදම් කිරීමට යෝජනා කරනවා. හැබැයි 17,400 ලබන අවුරුද්දේ වෙන් වෙන්නේ නෑ. 3,600යි ලබන අවුරුද්දට ලබා දෙන්නේ. එවැනි ආකාරයේ යෝජනා ගණනාවක් තිබෙනවා. ගෙදර තිබෙනවානම් ගිය අවුරුද්දේ අයවැය කතාව ගිහිල්ලා බලන්න ජාතික හෘද මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12,000ක් යනවා හැබැයි මේ අවුරුද්දේ රුපියල් මිලියන 12,000ක් වියදම් කරන්න බෑ. ඉතිං අපි හිතමු 2028 අගෝස්තු මාසේ ඔලිම්පික් තියනවා 2027 නොවැම්බර්වල කියලා මිලියන 100ක් දෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන අරමුණු ඉටුකරගන්න පුළුවන් කියලා බැහැ. මේක දැනුත් ප්‍රමාදයි. අපිට තිබෙනවා මිෂන් ඔලිම්පික් වැඩසටහනක්. ඒක ළඟම එන ඔලිම්පික් වැඩසටහනේදී ඉහළ මට්ටමේ පදක්කමක් ගේන්න අපිට උත්සාහයක් තියෙනවා ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විවිධ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරලා තියෙනවා අයවැයෙන් මිෂන් ඔලිම්පික්වලට"