දේශීය සහල් සිල්ලර මිලට සිදුව ඇති දේ...
සියලුම දේශීය සහල් වර්ගවල සිල්ලර මිල ඉහළ ගොස් තිබෙන බවත්, රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ ගොස් ඇති බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ඉකුත් ජනවාරි මස අග සතියේදී නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණිකාවේ දැක්වේ.
එමෙන්ම, 2024/25 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භවීමත් සමග සියලුම වී වර්ගවල මිල ගණන් පහත වැටී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන්ය.
තොග සැපයුම පහළ යාම හේතුවෙන් නාඩු සහල් සියයට 4 ත් 5 ත් අතරකින් ඉහළ ගොස් ඇති අතර, නාඩු සහල් කිලෝවක් රුපියල් 230 ත් 240 ත් අතර පරාසයක අලෙවි කෙරුණු බවත් අදාළ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම, සම්බා සහ රතු කැකුළු සහල් වෙළෙඳපොළේ නොතිබූ බවද සඳහන්ය.
කෙසේ නමුත්, ඉකුත් වසරට (2024) සාපේක්ෂව සහල් තොග මිල සැසදීමේදී නාඩු දෙවන ශ්‍රේණිය සියයට 13 කින් ඉහළ ගොස් ඇති අතර, කීරි සම්බා සහල් මිල සියයට 26 කින් පහත වැටී ඇත.
එමෙන්ම, රතු කැකුළු සහල් කිලෝවක සිල්ලර මිලෙහි ඉහළ යාම සියයට 55 කි.
You may like this video