මත්පැන් මිල ඉහළ යෑම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Sri Lanka Politician Bar Association of Sri Lanka Businessman Sri Lanka Customs
By Aruna Jul 09, 2023 02:24 AM GMT
Aruna

Aruna

Report

පසුගියදා අතිවිශේෂ මත්පැන් බෝතලයක මිල රු. 320/- කින් වැඩි කරනු ලැබුවේ අතිවිශේෂ මත්පැන් බෝතලයක නිෂ්පාදන වියදම රු. 294/- ක්ව පවතින පසුබිමකයි.

මිල රු. 320/- කින් වැඩි කළද එයින් රු. 280/- ක්ම රජයේ බදු බව අතිරේක සුරා බදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් අතිවිශේෂ අරක්කු බෝතලයක් අලෙවි කෙරෙන්නේ රු. 3200කට වන අතර මෙම රු. 3200/- මුදලෙන් එහි අඩංගු මත්පැන්වල වටිනාකම වන රු. 294ක් අඩු කළ විට ඉතිරිවන රු. 2906 මුදල අදාළ සමාගම් ගෙවන බදු සහ ලාභය බවයි වාර්තා පැවසෙන්නේ.