එයාර්බස් නඩුව රත් වෙනකොට නාමල් වෙනුවෙන් ලිමිණිත් හදිසියේ අධිකරණයට
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24 කට අදාළ නඩුවට පෙනී සිටීමට අධිකරණයට රැගෙන ආ නාමල් රාජපක්ෂ සඳහා ඔහුගේ බිරිඳ ලිමිණි රාජපක්ෂත් අද (19) දින අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (19) දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබුණා.
එසේම මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් විභාගයට ගැනීමට නියමිතව ඇත.