2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

Report

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකර ගැනීම සඳහා අද (19) සිට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, නොවැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ සංශෝධන සිදුකර ගැනීමට අයදුම්කරුවන්ට හැකියාව පවතී.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තමන්ට ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කරමින් එම සංශෝධන සිදුකළ යුතු බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම, පෞද්ගලික අයදුම්කරුවන්ට ද සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍රවල අවශ්‍ය සංශෝධන සිදුකර ගැනීමට අවස්ථාව සලසා තිබේ.

ඒ අනුව, අයදුම්කරුවන්ගේ නම, ලිපිනය, විෂයයන්, විභාග මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය යන තොරතුරුවල පවතින වැරදි නිවැරදි කර ගැනීමට හැකියාව ඇත.

2026 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වීමට නියමිතය.

මේ අතර, ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකර ගැනීම සඳහා ලබාදී ඇති කාලසීමාව නැවත දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එබැවින්, ප්‍රවේශ පත්‍රවල තොරතුරුවල කිසියම් දෝෂයක් පවතින්නේ නම්, නියමිත කාලසීමාව අවසන් වීමට පෙර ඒවා නිවැරදි කර ගන්නා ලෙස අයදුම්කරුවන්ට දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි

රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්