නාමල් රාජපක්ෂ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට රැගෙන එයි
By Kanchana
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ.
එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් නඩුව අද දහවල් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.
ඒ අනුව, අදාළ නඩු කටයුත්ත සඳහා පෙනී සිටීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.