දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ
By Kanchana
කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද (19) පස්වරුවේ හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි මධ්‍යම වායුසමීකරණ පද්ධතිය ආශ්‍රිතව මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා තිබූ අතර, ගිනි නිවීමේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇත.
මේ අතර, ගින්න හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දෛනික කාර්යාල කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති බව සඳහන් වේ.
ඒ අනුව, දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව වැඩිදුරටත් වාර්තා වේ.