බැංකු ලාංඡන පෙන්වා 80 හැවිරිදි පුද්ගලයෙකුගේ ගිණුමෙන් ලක්ෂ 70ක් සුද්ද කරලා - මහනුවර පැත්තේ අලුත්ම අන්තර්ජාල ජාවාරම ගැන පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Report

මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර ගනිමින් සිදුකරන මූල්‍ය වංචා ඉහළ යමින් පවතින බවට පොලිසිය අනතුරු අඟවා තිබේ. ප්‍රමුඛ පෙළේ බැංකු සහ මූල්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන්ගේ මුදල් වංචනික ලෙස ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පැමිණිලි 12කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වංචාවන්ට ගොදුරු වූ පුද්ගලයන් අතර 80 හැවිරිදි පුද්ගලයෙකු ද සිටින බවත්, ඔහුගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 7ක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කර තිබේ.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ වංචාකරුවන් පිළිගත් බැංකු සහ මූල්‍ය ආයතනවල නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ (SMS) සහ WhatsApp පණිවිඩ හරහා ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගන්නා බවයි.

මෙහිදී අදාළ බැංකුවල නිල ලාංඡන දුරකථන තිරය මත දිස්වන ආකාරයට සකස් කරමින්, තමන් වෙත ලැබෙන ඇමතුම හෝ පණිවිඩය සැබෑ බැංකුවකින් ලැබෙන එකක් බවට විශ්වාසයක් ඇති කිරීමට වංචාකරුවන් කටයුතු කරන බව ද අනාවරණය වී තිබේ.

එලෙස ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගැනීමෙන් අනතුරුව, ව්‍යාජ වෙබ් සබැඳි වෙත යොමු කිරීමෙන් හෝ දුරකථන සංවාද මගින් බැංකු ගිණුම්වලට අදාළ රහස්‍ය තොරතුරු ලබාගැනීමට ඔවුන් කටයුතු කරයි.

ඒ අනුව, මුරපද (Passwords), එක්වරක් පමණක් භාවිත කළ හැකි රහස් අංක (OTPs) ඇතුළු බැංකු ගනුදෙනු සඳහා අවශ්‍ය සංවේදී තොරතුරු ලබාගන්නා වංචාකරුවන්, පසුව ඒවා භාවිත කරමින් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වී මුදල් ලබාගන්නා බව පොලිසිය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන පොලිසිය අවධාරණය කරන්නේ කිසිදු නීත්‍යානුකූල බැංකුවක් දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මගින් ගනුදෙනුකරුවන්ගේ මුරපද හෝ OTP අංක ඉල්ලා නොසිටින බවයි.

එමෙන්ම, දුරකථන තිරය මත බැංකුවක නිල ලාංඡනයක් දිස්වීම පමණක් පදනම් කරගෙන ඇමතුම් හෝ පණිවිඩවල සත්‍යතාව පිළිබඳ විශ්වාසය නොතබන ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැක සහිත ඇමතුම් හෝ පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසත්, බැංකු ගිණුම්වල රහස්‍ය තොරතුරු කිසිවෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.

නාමල් රාජපක්ෂ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට රැගෙන එයි

නාමල් රාජපක්ෂ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට රැගෙන එයි

"ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 2ක් දක්වා වැඩිවීම ගැන සතුටුයි - ඒත් බඩු මිල, ගෑස්, විදුලි බිල වැඩිවෙන එකට උත්තර කෝ?" – ඩී.වී. චානක පාර්ලිමේන්තුව හොල්ලයි

"ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 2ක් දක්වා වැඩිවීම ගැන සතුටුයි - ඒත් බඩු මිල, ගෑස්, විදුලි බිල වැඩිවෙන එකට උත්තර කෝ?" – ඩී.වී. චානක පාර්ලිමේන්තුව හොල්ලයි