යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි
යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (19) දින උදෑසන නිකුත් කළ නවතම වාර්තාව අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛයට අහිතකර මට්ටමට ළඟා වී ඇති බව සඳහන්.
එබැවින් අද උදෑසන 7.05 වනවිට බත්තරමුල්ලෙන් 179ක්, කිලිනොච්චියෙන් 158ක්, අනුරාධපුරයෙන් 158ක්, ත්‍රිකුණාමලෙන් 151ක් සහ හලාවතින් 165ක් ලෙස ඉහළ අගයන් වාර්තා වී තිබෙනවා.
එසේම මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බවයි.
එබැවින් අදාළ ප්‍රදේශවල ශ්වසන රෝග සහ අසාත්මිකතා ඇති පුද්ගලයින් KN 95 වර්ගයේ මුඛ ආවරණ පැළඳීම සඳහා සෞඛ්‍ය නිර්දේශයන් නිකුත් කර තිබෙන අතර, එළිමහනේ සිටීමෙන් වළකින ලෙස ද දැනුම්දී තිබෙනවා.