කොළඹ කොටස් වෙළෙඳපොළ කොළ එළිය දල්වයි - බැංකු කොටස් පෙරමුණ ගනී

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (19) දිනයේදී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරමින් අවසන් වී තිබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 140.36කින් ඉහළ ගොස් ඒකක 21,543.12ක් ලෙස සටහන් වී ඇත.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 0.66ක වර්ධනයකි. එමෙන්ම, වඩාත් සක්‍රීය සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 52.07කින් ඉහළ ගොස් ඒකක 6,149.04ක් ලෙස සටහන් වී තිබේ.

එය සියයට 0.85ක ඉහළ යාමකි. අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ බැංකු ක්ෂේත්‍රයේ සමාගම් ඇතුළු කොටස් කිහිපයක මිල ඉහළ යාමයි.

ඒ අනුව, කොමර්ෂල් බැංකුවේ කොටසක මිල සියයට 0.94කින් ඉහළ ගොස් රුපියල් 215.25ක් ලෙස ද, හැටන් නැෂනල් බැංකුවේ කොටසක මිල සියයට 0.95කින් ඉහළ ගොස් රුපියල් 397ක් ලෙස ද සටහන් විය.

වාහන වැඩකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් - සේවාවන් ලබාගන්න Appointment එකක් දා ගන්න

වාහන වැඩකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් - සේවාවන් ලබාගන්න Appointment එකක් දා ගන්න

මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක මිල සියයට 4.94කින් ඉහළ ගොස් රුපියල් 93.50ක් වූ අතර, ඩිස්ටිලරීස් සමාගමේ කොටසක මිල සියයට 0.86කින් ඉහළ ගොස් රුපියල් 58.60ක් ලෙස සටහන් විය.

LOLC හෝල්ඩිංග්ස් කොටසක මිල ද සියයට 2.01කින් ඉහළ ගොස් රුපියල් 405.75ක් දක්වා වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත්, හේලීස්, බුකිට් දාරා, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, මල්වත්ත වැලි ප්ලාන්ටේෂන් සහ ඇම්බියොන් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම ද දක්නට ලැබුණි.

මේ අතර, අද දිනයේ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.73ක් ලෙස වාර්තා වී ඇත.

එම පිරිවැටුමෙන් රුපියල් මිලියන 888.06ක දායකත්වයක් ලබා දෙමින් වැඩිම ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කර ඇත්තේ බැංකු ක්ෂේත්‍රයයි.

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?