දින 25කදී මංගල උත්සව ලක්ෂ 52ක්,කෝටි ගණනක ආදායමක් - ඉන්දියාවම මඟුල් සක්වළක් වෙලා

Report

ඉන්දියාවේ එළඹෙන විවාහ මංගල සමය එරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරනු ඇතැයි පුරෝකථනය කර තිබේ. නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා දින 25ක කාලය තුළ එරට මංගල උත්සව මිලියන 5.2ක් (ලක්ෂ 52ක්) පමණ පැවැත්වීමට නියමිත අතර, ඒ හරහා ඉන්දීය රුපියල් කෝටි 7.5ක නොව කෝටි 7.5 ලක්ෂයක් (රුපියල් කෝටි 750,000ක්) පමණ ව්‍යාපාරික ගනුදෙනු සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

ඉන්දීය වෙළෙඳුන්ගේ සම්මේලනය (CAIT) විසින් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.

එම වාර්තාව සකස් කර ඇත්තේ ප්‍රාන්ත 25ක තොග හා සිල්ලර වෙළෙඳපොළ ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණ සහ වෙළෙඳ ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡා පදනම් කරගෙනය.

විවාහ මංගල උත්සව හුදෙක් සංස්කෘතික හා සමාජීය සැමරුම්වලට සීමා නොවී, රටේ දේශීය පරිභෝජනය, රැකියා උත්පාදනය සහ වෙළෙඳ ක්‍රියාකාරකම් ඉහළ නංවන ප්‍රධාන ආර්ථික බලවේගයක් බවට පත්ව ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

දින 25කදී මංගල උත්සව ලක්ෂ 52ක්,කෝටි ගණනක ආදායමක් - ඉන්දියාවම මඟුල් සක්වළක් වෙලා | India Sees 5 2 Million Weddings In 25 Days

විවාහ උත්සවවලින් ක්ෂේත්‍ර රැසකට ආදායම්

සාමාන්‍ය ඉන්දීය විවාහ මංගල උත්සවයක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 4ත් 5ත් අතර මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ.

එහෙත් සුඛෝපභෝගී මංගල උත්සව සඳහා රුපියල් කෝටි 4ත් 5ත් අතර හෝ ඊට වැඩි මුදලක් වැය වන අවස්ථා ද පවතින බව සඳහන් වේ.

ස්වර්ණාභරණ, ඇඳුම් පැළඳුම්, තෑගි භාණ්ඩ, ආහාරපාන, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, හෝටල්, ප්‍රවාහන සේවා, සැරසිලි, ඡායාරූපකරණය සහ උත්සව සංවිධාන සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසකට මෙහිදී ආදායම් උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

CAIT ඇස්තමේන්තුවලට අනුව, අපේක්ෂිත සමස්ත ව්‍යාපාරික වටිනාකමෙන් ඉන්දීය රුපියල් කෝටි 405,000ක් භාණ්ඩ අලෙවියෙන් සහ සිල්ලර වෙළෙඳාමෙන් උපයා ගැනීමට නියමිතය.

ඉතිරි රුපියල් කෝටි 345,000ක මුදල සේවා සැපයීම හරහා උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ට්‍රම්ප්, පුටින් සහ ෂීගේ හමුවේ තීරණාත්මක හමුවේ සාකච්ඡා වන කරුණු එළියට - ලෝක දේශපාලනයට සිදුවන බලපෑම මෙන්න

ට්‍රම්ප්, පුටින් සහ ෂීගේ හමුවේ තීරණාත්මක හමුවේ සාකච්ඡා වන කරුණු එළියට - ලෝක දේශපාලනයට සිදුවන බලපෑම මෙන්න

වසර පහක් තුළ විවාහ ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ විවාහ ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

2022 – විවාහ උත්සව මිලියන 3.2ක්, ව්‍යාපාරික වටිනාකම රුපියල් කෝටි 375,000ක්.

2023 – විවාහ උත්සව මිලියන 3.8ක්, ව්‍යාපාරික වටිනාකම රුපියල් කෝටි 474,000ක්.

2024 – විවාහ උත්සව මිලියන 4.8ක්, ව්‍යාපාරික වටිනාකම රුපියල් කෝටි 590,000ක්.

2025 – විවාහ උත්සව මිලියන 4.6ක්, ව්‍යාපාරික වටිනාකම රුපියල් කෝටි 650,000ක්.

2026 – විවාහ උත්සව මිලියන 5.2ක්, අපේක්ෂිත ව්‍යාපාරික වටිනාකම රුපියල් කෝටි 750,000ක්.

ගුරුවරියගේ උපදෙස් නොඇසූ තුන් හැවිරිදි දරුවාගේ අත් බැඳ ප්ලාස්ටික් ආවරණයක ඔතලා - CCTV දර්ශනවලින් තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක සිදුවීමක්

ගුරුවරියගේ උපදෙස් නොඇසූ තුන් හැවිරිදි දරුවාගේ අත් බැඳ ප්ලාස්ටික් ආවරණයක ඔතලා - CCTV දර්ශනවලින් තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක සිදුවීමක්

රැකියා අවස්ථා මිලියන 12.5ක්

මෙම විවාහ මංගල සමය හරහා ඉන්දියාව පුරා තාවකාලික, සෘතුමය සහ අර්ධකාලීන රැකියා අවස්ථා මිලියන 12.5ක් පමණ නිර්මාණය වනු ඇතැයි ද CAIT පුරෝකථනය කර තිබේ.

සැරසිලි ශිල්පීන්, ආහාර සැපයුම්කරුවන්, මල් සැපයුම්කරුවන්, ඡායාරූප ශිල්පීන්, වීඩියෝ ශිල්පීන්, සංගීත ශිල්පීන්, රූපලාවණ්‍ය සේවා සපයන්නන්, ප්‍රවාහන සේවකයින් සහ හෝටල් සේවකයින් ඇතුළු විවිධ වෘත්තීන්හි නියුතු පිරිසකට මෙමඟින් රැකියා අවස්ථා හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇමරිකානු තෙල් සංචිත ඉහළ ගියත් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් මිල යළි ඉහළට- ට්‍රම්ප්ගේ නව යුද සැලසුම් ගැනත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඇමරිකානු තෙල් සංචිත ඉහළ ගියත් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් මිල යළි ඉහළට- ට්‍රම්ප්ගේ නව යුද සැලසුම් ගැනත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

  

දිල්ලි කලාපයෙන් පමණක් රුපියල් කෝටි 250,000ක ව්‍යාපාරයක්

දිල්ලි සහ ඒ අවට ජාතික අගනුවර කලාපය (Delhi-NCR) තුළ පමණක් විවාහ උත්සව 500,000ක් පමණ පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

ඒ හරහා ඉන්දීය රුපියල් කෝටි 250,000ක පමණ ව්‍යාපාරික ගනුදෙනු සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

එමෙන්ම, දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගැනීම ප්‍රවර්ධනය කිරීමට ද මෙම විවාහ සමය අවස්ථාවක් වනු ඇතැයි CAIT පෙන්වා දෙයි.

ඉන්දියානු ඇඳුම්, ස්වර්ණාභරණ, හස්ත කර්මාන්ත නිෂ්පාදන සහ දේශීය තෑගි භාණ්ඩ සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවීමෙන් කුඩා ව්‍යාපාරිකයින්ට සහ දේශීය නිෂ්පාදකයින්ට ද ප්‍රතිලාභ හිමිවනු ඇතැයි එම සංවිධානය සඳහන් කර තිබේ.

මෙම වාර්තාවට අනුව, විවාහ මංගල උත්සව ආශ්‍රිතව සිදුවන ව්‍යාපාරික කටයුතු ඉන්දීය සිල්ලර වෙළෙඳාම, නිෂ්පාදන කර්මාන්තය, සංචාරක ක්ෂේත්‍රය, ප්‍රවාහන සේවා සහ ආහාර සැකසුම් කර්මාන්තය ඇතුළු අංශ රැසකට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.    

සෝනියාගේ පොතට එරෙහිව ඉන්දියාවේ විරෝධයක් - ඡායාරූප ඉරා දැමීමෙන් දේශපාලනය උණුසුම් වෙයි

සෝනියාගේ පොතට එරෙහිව ඉන්දියාවේ විරෝධයක් - ඡායාරූප ඉරා දැමීමෙන් දේශපාලනය උණුසුම් වෙයි