කොළඹ ට්‍රැෆික් නිසා රටට දිනකට රුපියල් බිලියනයක පාඩුවක් - නලින් බණ්ඩාරගෙන් හෙළිදරව්වක් [VIDEO]

Report

කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදය හේතුවෙන් දිනකට රුපියල් බිලියනයක පමණ ආර්ථික පාඩුවක් සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

එමෙන්ම, කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා මෙවර අයවැයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, මෙම තත්ත්වය මෙරට ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට ද අහිතකර ලෙස බලපාන බව පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (19) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

කොළඹ නගරය මෙරට ප්‍රධාන නගරය වන බැවින් එහි රථවාහන තදබදය ඉහළ යාම දේශීය ආර්ථිකයට පමණක් නොව මෙරටට පැමිණෙන සංචාරකයින්ට ද බලපාන බව ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බවත්, ශ්‍රී ලංකාවේ පවතින පහසුකම් සහ සාපේක්ෂව අඩු වායු දූෂණය හා රථවාහන තදබදය හේතුවෙන් ඉන්දියානු සංචාරකයින් මෙරටට ආකර්ෂණය වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි

රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි

ඉන්දියාවේ මුම්බායි, චෙන්නායි සහ නවදිල්ලිය වැනි නගරවල පවතින අධික රථවාහන තදබදය සහ වායු දූෂණය සැලකිල්ලට ගැනීමේදී කොළඹ නගරයට විශේෂ ආකර්ෂණයක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් මේ වන විට කොළඹ නගරයේ රථවාහන තදබදය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් එම සංචාරක ආකර්ෂණය අහිමි වීමේ අවදානමක් පවතින බව ද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර, මෙවර අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, පසුගිය අයවැයේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ප්‍රශ්න කළේය.

පසුගිය අයවැයේ යෝජනාවලින් සියයට 19ක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත්, සියයට 3ක් ක්‍රියාත්මක කර නොතිබූ බවත්, සියයට 14ක පමණ සීමිත ප්‍රගතියක් වාර්තා වී තිබූ බවත්, සියයට 22ක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වී තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය අයවැයේදී ඉටු කිරීමට නොහැකි වූ යෝජනා සහ නීති සංශෝධන ඇතුළු කරුණු රැසක් මෙවර අයවැයට ද ඇතුළත් කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඒ හේතුවෙන් මෙවර අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයාට දීර්ඝ කාලයක් ගත කිරීමට සිදුවූ බව ද කියා සිටියේය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ප්‍රකාශයක් - ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප් වැඩිවීමක් කර නැහැ

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ප්‍රකාශයක් - ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප් වැඩිවීමක් කර නැහැ