මඩකලපුව මහාධිකරණයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂක සාමාජිකයන් 8කට මරණ දඬුවම
2008 වසරේදී මඩකලපුව, එරාවුර් පොලිස් කොට්ඨාසයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඊපීඩීපී (EPDP) සංවිධානයේ සාමාජිකයන් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය අද (19) මරණ දඬුවම නියම කර තිබේ.
අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මඩකලපුව මහාධිකරණ විනිසුරු ආර්.ජේ. ප්රභාකරන් මහතා, විත්තිකරුවන් නව දෙනාගෙන් අට දෙනෙකු වරදකරුවන් කරමින් මරණ දඬුවම නියම කළ අතර, නවවැනි විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ප්‍රකාශයක් - ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප් වැඩිවීමක් කර නැහැ
2008 වසරේදී පුද්ගලයෙකු පැහැරගෙන ඝාතනය කරලා
2008 ජුනි මස 19 වැනිදා දේවදාස් සුරේෂ්කුමාර් නමැති පුද්ගලයා එවකට චෙංගලඩි ප්‍රදේශයේ පිහිටි ඊපීඩීපී කඳවුරේ සාමාජිකයන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.
ඝාතනයෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර වළ දමා එම ස්ථානයේ කෙසෙල් ගසක් සිටුවා තිබූ බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය විසින් ඊපීඩීපී සංවිධානයේ සාමාජිකයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්ණයට විසඳුමක් - දෙසැම්බර් 31ට කළින් වැටුප් ප්‍රශ්ණ සහ යෝජනා ඉදිරිපත් කරන්න
වසර ගණනාවක් පුරා විභාග වූ නඩුව
අදාළ නඩුව 2016 වසරේදී මඩකලපුව මහාධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් පුරා විභාගයට ගැනුණි.
පැහැරගෙන යාම සඳහා භාවිත කළ බව කියන වෑන් රථය ද සොයාගෙන තිබූ අතර, ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සහ නඩු කටයුතු සිදුකර තිබේ.
මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් අටදෙනා මෙන්න
- ධර්මලිංගම් ඉලමාරන් නොහොත් රවී ,වීරකුට්ටි සේකර්
- මහේන්ද්‍රරාජා විනෝරාජ් නොහොත් විජේ
- යෝගරාසා ජයකුමාර් නොහොත් ජෙක්කා
- සිරිෂ්කාන්තරාජා නාගනාදන් නොහොත් සිරි
- ෂෝකලිංගම් නාගරාසා නොහොත් ශිවා
- අරුණාචලම් රාමචන්ද්‍රන් නොහොත් අරුල්
- ගෝවින්දන් ප්‍රදීපන් නොහොත් විජි
චෝදනා තුනක් යටතේ තීන්දුව
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා තුන සම්බන්ධයෙන් අධිකරණය තීන්දු ලබා දී තිබේ.
- පළමු චෝදනාව සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වැනි වගන්තිය යටතේ මාස හයක සාමාන්‍ය සිරදඬුවමක් නියම කර ඇත.
- දෙවැනි චෝදනාව සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ මරණ දඬුවම නියම කර තිබේ.
- දේවදාස් සුරේෂ්කුමාර්ගේ ඝාතනය සම්බන්ධ තුන්වැනි චෝදනාවට දණ්ඩ නීති සංග්‍රහයේ 206 වැනි වගන්තිය යටතේ මරණ දඬුවම නියම කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී රජයේ නීතිඥවරුන් වන එස්. අනුශංකනන් සහ ආර්. දර්ශිකා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.
අධිකරණ තීන්දුවෙන් අනතුරුව මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් අට දෙනා වහාම මඩකලපුව බන්ධනාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
රටේම ගෑස් ප්‍රශ්නේ කරට ගත්ත ලිට්රෝ ගෑස්වලටත් දැඩි අර්බුදයක් - ලිට්රෝ සමාගමට මාසෙකට රුපියල් කෝටි 80ක පාඩුවක්