තමිල්නාඩු දේශපාලනය කැළඹූ වී.එස්. බාබු මන්ත්‍රීවරයා දිවි ගමනට සමුදෙයි

By Kanchana Nov 19, 2026 11:18 AM GMT
Report

තමිල්නාඩු වෙට්‍රි කලගම් (TVK) පක්ෂයේ මන්ත්‍රී වී.එස්. බාබු මහතා අද (19) බ්‍රහස්පතින්දා චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වී තිබේ.

දිගුකාලීන ශ්වසන රෝගී තත්ත්වයක් හේතුවෙන් 2026 සැප්තැම්බර් 9 වැනිදා චෙන්නායිහි MGM සෞඛ්‍ය සේවා රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා හෘදයාබාධයකට ලක්වීමෙන් පසු අද පස්වරු 2.24ට අභාවප්‍රාප්ත වූ බව රෝහල් පාලනාධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මියයන විට 75 හැවිරිදි වියේ පසුවූ වී.එස්. බාබු මහතා 2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී කොලතූර් ආසනයෙන් තරග කරමින් හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා පරාජයට පත් කිරීමත් සමඟ විශේෂ අවධානයට ලක්විය.

ඔහුගේ අභාවයත් සමඟ තමිල්නාඩු දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය ඒ වෙත යොමුව තිබේ.

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ