පාසල් ළමුන් වෙනුවෙන් සුභ ආරංචියක් - දෙසැම්බර් 1 සිට ලැබෙන්න යන සහනය මෙන්න
ජාතික පොත් ව්‍යාපාරිකයන්ගේ සංගමය තීරණය කර තිබෙන්නේ අයවැයෙන් පාසල් පොත් සඳහා ලබා දුන් සහනය සැලකිල්ලට ගනිමින් පාසල් අභ්‍යාස පොත්වල මිල දෙසැම්බර් 01 වනදා සිට සියයට 18 කින් පහළ දැමීමටයි.
අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් සඳහා පනවා තිබූ සියයට 18 ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව 2027 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පියා විභාග දෙපාර්තුමේන්තුවේ - පුතා විභාගයෙන් ප්‍රථම ස්ථානය - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හෙළිකළ මන්ත්‍රී රෝහිණි
ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ අධ්‍යාපනික උපකරණ සහ පොත් පත් මහජනතාවට වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම මෙන්ම කියවීමේ පුරුද්ද මෙන්ම දැනුම ප්‍රවර්ධනය කිරීම මෙම තීරණයේ මූලික අරමුණ බවයි.
එම තීරණයට අනුව පාසල් අභ්‍යාස පොත්, මුද්‍රිත පොත් පත්, ශබ්දකෝෂ සහ විශ්වකෝෂ ළමා චිත්‍ර සහ පාට කිරීමේ පොත් ආදිය වැට් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. අයවැයෙන් බදු අඩු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කර ඇත.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්ණයට විසඳුමක් - දෙසැම්බර් 31ට කළින් වැටුප් ප්‍රශ්ණ සහ යෝජනා ඉදිරිපත් කරන්න
මේ අතර ජනාධිපතිවරයා අයවැයෙන් ලබා දුන් බදු සහනය සම්බන්ධයෙන් සහාය පළ කරමින් ජාතික පොත් ව්‍යාපාරික සංගමය ද ලබන දෙසැම්බර් පළමුවනදා සිට අභ්‍යාස පොත් 18%කින් අඩු කර අලෙවි කිරීමට එම සංගමය තීරණය කර ඇති අතර පොත් සඳහා වැට් බදු අඩු කිරීම පිළිබඳ දෙමාපියන් ද ප්‍රසාදය පළ කරයි.