මහින්දගේ වැඩමුළුවක සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව ගැන සෙල්ලම් කාඩ් බෙදලා - ගත්තු අයගේ ඇස් උඩ යයි

Report

සේවා ස්ථානයන්හි සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීම වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අංක 190 (C190) දරන සම්මුතිය අපරානුමත කිරීමට රජය පියවර ගනිමින් සිටින පසුබිමක, ඒ ඔස්සේ සූක්ෂම ආකාරයට LGBTQ මතවාද ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතින බවට පුවත් වාර්තා වේ.

ඒ අනුව විචාරකයන් පෙන්වා දෙන්නේ කම්කරු ප්‍රතිසංස්කරණවල මුවාවෙන් සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික (LGBTQ) ප්‍රජාවට අදාළ මතවාද සමාජගත කිරීමට රජය මෙසේ උත්සාහ දරන බවයි.

එසේම ආගමික, දේශපාලන සහ සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ C190 සම්මුතියේ මූලික අරමුණ සේවක ආරක්ෂාව තහවුරු කිරීම වුවද, ඊට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ඇතැම් දැනුවත් කිරීමේ වැඩසටහන් ඔස්සේ පාර්ලිමේන්තුවේ හෝ මහජනතාවගේ විවෘත සාකච්ඡාවට ලක් නොවූ සමාජ මතවාද ප්‍රචර්ධනය වන බවයි.

හයේ මොඩියුලයේ තියෙන්නේ යාළුවන් සොයාගන්න ලින්ක් එකක් - ප්‍රශ්නේ ලින්ක් එක නම් ඒක අයින් කරලා මොඩියුලය ගමු - මහින්ද

හයේ මොඩියුලයේ තියෙන්නේ යාළුවන් සොයාගන්න ලින්ක් එකක් - ප්‍රශ්නේ ලින්ක් එක නම් ඒක අයින් කරලා මොඩියුලය ගමු - මහින්ද

ඒ අනුව සෙල්ලම් කාඩ්පත් කට්ටලය සම්බන්ධයෙන් මෙම මතභේදාත්මක තත්ත්වය වඩාත් තීව්‍ර වූයේ ඉකුත් ජනවාරි 9 වන දින කම්කරු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩමුළුවකදීයි.

එම අවස්ථාවේදී සහභාගිවන්නන් වෙත ලබා දුන් සෙල්ලම් කාඩ්පත් (Playing Cards) කට්ටලයක් පිළිබඳව නියෝජිතයන්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

එහි සාමාන්‍යයෙන් කාඩ්පත් 52කින් සමන්විත කට්ටලයක් වෙනුවට, ඇතුළත් කර තිබූ ඇතැම් කාඩ්පත්වල විවිධ චිත්‍ර සහ කාටූන් ඇසුරින් විශේෂිත මතවාද ප්‍රවර්ධනය කරන පණිවිඩ ඇතුළත් කර තිබූ බව සඳහන්.

අගමැතිනි වැරදි නැහැ - එයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරන්නේ නෑ... තමිල් අරසු කච්චි බල්ටියක්

අගමැතිනි වැරදි නැහැ - එයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරන්නේ නෑ... තමිල් අරසු කච්චි බල්ටියක්

ඒ අනුව මෙම ද්‍රව්‍ය හරහා ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ, කම්කරු අයිතිවාසිකම්වලට මුවා වී LGBTQ පිළිගැනීම ප්‍රවර්ධනය කිරීමේ "සැඟවුණු උත්සාහයක්" පෙන්නුම් කරන බවයි.

එමෙන්ම ඇතැම් පටු න්‍යාය පත්‍ර ක්‍රියාවට නංවන වෘත්තීය සමිති පමණක් මෙම වැඩසටහනට කැඳවා තිබූ බවත්, එහි අන්තර්ගතය සේවා ස්ථාන ආරක්ෂාව ඉක්මවා ගිය සංවේදී සමාජ කරුණු දක්වා විහිදී තිබූ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම කාඩ්පත් කට්ටලය ශ්‍රී ලංකා ජාතික නාවිකයන්ගේ සංගමය (NUSS) මඟින් බෙදා දී ඇති අතර, එහි ඇසුරුමේ “මෙම කාඩ්පත් කට්ටලය සේවා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර අවසන් කිරීමට උපකාරී වනු ඇත” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

එසේම ලන්දේසි වෘත්තීය සමිති සම්මේලනයක් වන FNV සහ එහි අන්තර්ජාතික අංශය වන Mondiaal FNV මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා සහය දක්වන බව පවසයි.

තවද 'Hearts 9' කාඩ්පත ඇතුළු තවත් කාඩ්පත් කිහිපයක LGBTQ ප්‍රජාව C190 සම්මුතිය යටතේ ආරක්ෂා කර ඇති බව දැක්වෙන රූප සටහන් ඇතුළත් කර තිබීමද විවේචනයට ලක්ව තිබෙනවා.

ප්‍රකට භික්ෂුවක් මාලිමාවේ ලොක්කෙක්ගේ ගේ ඉස්සරහම උපවාසෙකට සැරසේ - හේතුව මෙන්න

ප්‍රකට භික්ෂුවක් මාලිමාවේ ලොක්කෙක්ගේ ගේ ඉස්සරහම උපවාසෙකට සැරසේ - හේතුව මෙන්න

එමෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර කම්කරු නීති උපයෝගී කර ගනිමින් පුළුල් සමාජීය වෙනස්කම් සිදු කිරීමට උත්සාහ කිරීමෙන් පාර්ලිමේන්තු අධීක්ෂණය සහ විවෘත මහජන කතිකාව මඟහැර තිබෙන බවයි.

එමෙන්ම මෙරටෙහි පවතින නීතිමය පසුබිම තුළ සමලිංගික සබඳතා තවමත් නීතිවිරෝධී මට්ටමක පවතින අතර, මෙවැනි ප්‍රතිසංස්කරණ සැබවින්ම කම්කරු සුබසාධනය සඳහාම පමණක් ද නැතහොත් වෙනත් සමාජ ප්‍රතිසංස්කරණ සැලසුමක කොටසක් ද යන්නත් රජය පැහැදිලි කළ යුතු බව විචාරකයන් අවධාරණය කර ඇත.   

තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා මම ගිහින් ඕකගෙ හොක්කට දෙකක් ඇනල එන්නම් - ජනපතිගේ සමීප මිතුරෙක්ට ජවිපෙන් තර්ජන

තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා මම ගිහින් ඕකගෙ හොක්කට දෙකක් ඇනල එන්නම් - ජනපතිගේ සමීප මිතුරෙක්ට ජවිපෙන් තර්ජන