අගමැතිනි වැරදි නැහැ - එයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරන්නේ නෑ... තමිල් අරසු කච්චි බල්ටියක්
ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක එස්. ශ්‍රී ධරන් මහතා අද (11) ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව දේශපාලන පලිගැනීමක් බවත්, එයට අත්සන් කිරීම හෝ පක්ෂව ඡන්දය දීම තම පක්ෂයේ ස්ථාවරය නොවන බවත්ය.
මෙම යෝජනාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව (විශේෂයෙන් ශ්‍රේණි 6 ඉංග්‍රීසි මොඩියුලයේ වැරදි හා නුසුදුසු අන්තර්ගතයන්) මුල් කරගෙන ඇති අතර, එහිදී අග්‍රාමාත්‍යවරිය අපහාසයට ලක් කිරීමේ උත්සාහයක් ඇතැයි ඔහු සඳහන් කළේය.
ශ්‍රී ධරන් මහතා පෙන්වා දුන්නේ;
“ අපට ආණ්ඩුව ගැන විවේචන තිබෙනවා. අපි ඒ ගැන වෙනස් විදිහකට කටයුතු කරනවා. අධ්‍යාපන ප්රතිසංස්කරණයක් අපේ රටට ඉතාම අවශ්‍යයයි. අග්‍රාමාත්‍ය තුමිය කාන්තාවක් කියන එකවත් සලකා බලන්නේ නැතිව ඉතාම නින්දිත විදිහට කරන ප්‍රචාරවල කොටස් කරුවෙක් වෙන්න අපි කැමති නෑ”