ප්‍රකට භික්ෂුවක් මාලිමාවේ ලොක්කෙක්ගේ ගේ ඉස්සරහම උපවාසෙකට සැරසේ - හේතුව මෙන්න
සිංහල ජාතිය කේන්ද්‍ර කරගනිමින් බිහි වූ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් කලෙක පාර්ලිමේන්තුවට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මැතිවරණ සමයේදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ණයක් වශයෙන් දී ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මැතිවරණයෙන් පසුව මෙම ණය මුදල දෙන බව සඳහන් කළත් මෙතෙක් ණය නොදීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භික්ෂුව දැඩි දෝෂාරෝපණ එල්ල කර ඇති බව සඳහන්.
මේ අතර වාර්තා වන තොරතුරු අනුව දකුණේ උපන් මෙම භික්ෂුවට ද විවිධ පක්ෂවලට පැනීම හේතුවෙන් නමක්ද පට බැඳී තිබෙනවා.
මේ අතර උන්වහන්සේ මුදල් ගෙන තිබූ මාලිමා මන්ත්‍රිවරයා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන බව සඳහන්.
එමෙන්ම තමාගෙන් ගත් මුදල් ආපසු නොදෙන්නේ නම් මන්ත්‍රිවරයාගේ නිවස ඉදිරිපට උපවාස කරන බවටද මෙම භික්ෂුව මන්ත්‍රිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එක දිගටම ලෙඩ වැටී ඇති මෙම මන්ත්‍රිවරයා මෙම තර්ජනය හමුවේ දැඩි අපහසුතාවට ලක්ව ඇති බව ද පවසයි.