මැයි 18 LTTE යෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්?..ආරක්ෂක අංමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්!!!(PHOTOS)

Police spokesman Sri Lanka Army Sri Lanka Police Sri Lanka LTTE Leader
By Aruna May 15, 2022 05:05 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති අවස්ථාවේ, ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර ක්‍රියාත්මක කිරීම සඳහා තහනම් සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ පැරණි සාමාජිකයන් යළි එක්ව සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිදුවීම වාර්තා කර ඇත්තේ, '#TheHindu' පුවත් පතයි. එය ඉන්දීය සුප්‍රසිද්ධ පුවත් සඟරාවක් වන අතර, එහි දක්වා තිබුණේ, ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ව්‍යසනකාරී ආර්ථික, දේශපාලනික මෙන්ම සමාජීය කරුණු කාරණා හේතුවෙන් අස්ථාවරභාවය මත එවන් විපත්තියකට යොමුවිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මෙරට විපක්ෂය නියෝජනය කරන සහ පෙර මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන සහ කළ මනෝ ගනේෂන් සහ බිමල් රත්නායක සිය නිල ට්විටර් ගිණුමෙහි සටහන් තබමින් අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

පළමුවෙන් ම හිටපු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කරන්නේ මෙවැන්නක්.

මෙම ප්‍රවෘත්තිය රාජපක්ෂ පවුල්වාදය යළි මෙරට තුළ ස්ථාපනය කිරීමට හෝ ජනවාර්ගික හැඟීම් යළි සමාජගත කිරීමට දරන්නා වූ වෑයමක් ද යන වග තමන් සැක කරන බවයි.

මෙවන් තර්ජනාත්මක සහ දරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් වගකිව යුතු මාධ්‍යයක් මෙලෙස වාර්තා කිරීම සැක සහිත බවත්, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ද රෝ සංවිධානය පළමුවෙන් දැනුම්දුන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශයට මිස මාධ්‍ය වෙත නොවන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මන්ත්‍රී මනෝ අවධාරණය කර සිටින්නේ, වාර්ගික සබඳතා වැඩි දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ සන්දර්භය තුළ "LTTE නැවත සමූහගත වීම" යන පුවත පිළිබඳ #TheHindu පුවත අතිශයින් ම ව්‍යාකූල බවයි.

මේ හේතුවෙන් අදාළ විදෙස් පුවත මෙම සිද්ධිය හුවා දක්වන්නේ කුමන මූලාශ්‍ර පදනම් කරගනිමින් ද යන වග මෙරට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර සිටිනවා.

මෙවන් තත්ත්වයක් මත රට තුළ උග්‍රවන ප්‍රචණ්ඩ විරෝධතා මධ්‍යයේ අවස්ථා දෙකක දී හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, බහුජාතික සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරමින් සිටි බවයි හෙළිවී ඇත්තේ.

මැයි 18 වැනිදාට දී ඇති මුල්ලිවායිකාල් සංවත්සරය සැමරීමට සුදානම් වන ඇතැම් කණ්ඩායම් දෙමළ ජන සංහාර සැමරුම් දිනය ලෙස ප්‍රකාශ කර ප්‍රහාර සැලසුම් කිරීමට සුදානම් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර තිබෙනවා.

බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් එම ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි සාමාජික පිරිසක් තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවයි.

තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින් ලබාගත් තොරතුරු හමුවේ රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ සෝදිසියෙන් සිටින බව සඳහන්.

එමෙන්ම මෙම තත්ත්වය සමග තමිල්නාඩු පොලිසියේ වෙරළාරක්‍ෂක කණ්ඩායම මුහුදු තීරයේ මුර සංචාරයේ වාර ගණන වැඩි කර ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

රැකියාව වෙනුවෙන් මුහුදු යන ධීවරයින්ට ද අවදානම් තත්ත්වය පිළිබඳ දැනුවත් කර ඇති අතර ගැඹුරු මුහුදේ සහ ජාත්‍යන්තර මුහුදු සීමාවේ කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයින් සිටීදැයි සොයා බලන ලෙස උපදෙස් ලබා දී ඇතැයි සඳහන්.

එමෙන්ම ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ඇතුළුවීම වැළැක්වීමට වෙරළබඩ ආරක්ෂක ආයතනවලට දැනුම් දී ඇති අතර, මුහුදට යන සියලුම මාර්ගවල වාහන පරීක්ෂා කිරීම සඳහා මුරපොලවල් ශක්තිමත් කරන ලෙස සියලුම වෙරළබඩ දිස්ත්‍රික්කවල පොලිස් අධිකාරීවරුන්ට දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් මේ වනතෙක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වගකිව යුතු බලධාරින් හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ කිසිදු ප්‍රකාශයක් හෝ නිවේදනයක් නිකුත් කර නැහැ.

යළි ශ්‍රී ලංකාවේ සාමය අස්ථාවර කිරීමට තැත් කරන කිසියම් විදේශීය බලවේගයක් හෝ මෙරට සැඟවුණු කුමන්ත්‍රණකාරී පටු අරමුණක් සාක්ෂාත් කරගැනීමට අර්බුදකාරී වාතාවරණයක් තුළ කිසිවෙකු තැත් කරන්නේ ද ? එ

සේ නම් වගකිව යුතු රජයක් සහ ආරක්ෂක අමාත්‍යාංශයක් ඇති ශ්‍රී ලංකාව තුළ අදාළ බලධාරින් විසින් මෙම පුවත සත්‍ය ද අසත්‍ය ද නැතහොත් මෙවැනි පුවත් සමාජගත කරන්නවුන් කවුරුන්ද යන වග ශ්‍රී ලාංකිකයින් හට අනාවරණය කර සාමය රැකගැනීමට කටයුතු කළ යුතු නොවන්නේ ද ?

වැඩි විස්තර;

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය විසින් මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දීය THE HINDU පුවත්පතේ පුවත සම්බන්ධයෙන් අද (15) දින ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 13 වැනි දින ඉන්දීය පුවත්පත විසින් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර ඇති බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඉහත තොරතුරු සබැඳිව මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවයි.

මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම් ඒවා ගැන මෙරටට දැනුම්දීමට කටයුතු කරන බව ද දන්වා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත දැනුවත් කර මේ වනවිටත් අවශ්‍ය සියලුම ආරක්ෂාව තර කරමින් ක්‍රියා කිරීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ පිළිබඳ වැඩි විස්ථර පහත නිවේදනයන් ගෙන් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery