ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් (Laugfs) ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ.
මෙම මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 4,630ක්ව පැවති එහි නව මිල රුපියල් 5,700ක් ලෙස සටහන් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 418කින් ඉහළ නංවා ඇත.
ඒ අනුව රුපියල් 1,862ක්ව පැවති එහි නව මිල රුපියල් 2,280ක් දක්වා ඉහළ යනු ඇත.
ජීවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවක් වන ගෑස් මිල මෙලෙස ඉහළ යාම පාරිභෝගික ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.