සෙල්ලම් කරලා ඉවරයි. අකුරට වැඩ

Anura Kumara Dissanayaka Sri Lanka Government Sinhala news
By Hashan May 16, 2025 11:19 AM GMT
Hashan

Hashan

Report

අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතනවල පිහිට වූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා අභ්‍යන්තර ඒකක නියාමන පද්ධතියක් පිහිටුවීමේ නව වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කොට තිබෙනවා .

ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි එම අභ්‍යන්තර ඒකක නියාමනය පද්ධතිය පිහිටුවීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ පද්ධතිය පිහිටුවීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින් ප්‍රතිපාදන සපය බවයි සඳහන් වන්නේ.

සරසවි සිසුන් 10 දෙනා යළිත් රිමාන්ඩ්

සරසවි සිසුන් 10 දෙනා යළිත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ නව පද්ධතිය ආරම්භ කිරීමත් සමඟ එම ඒකකවලට පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවේ සිට ඊට ප්‍රතිචාර දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම දක්වා වන ක්‍රියාවලිය නියාමනයට හැකියාව ලැබෙන බවය.

එසේම මේ තුළින් සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම සාධාරණය ඉටු කිරීමට හැකියාව ලැබෙන බව කොමිසම තව දුරටත් පවසා සිටියා.

රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීම හා ඒවා වර්තා කිරීමත් ඊට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීම සඳහාත් අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා තිබේ.

අමාත්‍යංශ සියල්ලේ හා තෝරාගත් රාජ්‍ය ආයතන 40ක පළමු අදියරේ දී එම අභ්‍යන්තර ඒකක පිහිටුවීමට පියවර ගැනුණේ ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයක් මගීන්ය . 

වත්කම් බැරකම් කියන්න දින දෙයි

වත්කම් බැරකම් කියන්න දින දෙයි

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

ReeCha