නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝයි - අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකෙන්නැයි දැනුම්දෙයි

Report

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් බලපැවත්වන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) අද (12) දැනුම් දුන්නේය.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ, පසුගිය දින කිහිපයේ බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ලැබීම නිසා මෙම රතු නිවේදන දීර්ඝ කිරීමට සිදුවූ බවයි.

ඊයේ (11) පමණ මීගහකිවුල සහ දෙමෝදර ප්‍රදේශවලදී නායයෑම් සිදුව තිබූ අතර, එබැවින් අදාළ ප්‍රදේශවාසීන් අතිශයින්ම අවධානයෙන් සිටිය යුතු බව ඔහු අවධාරණය කළේය.

ලක්ෂ 3ක පිරිසක් මිය යයි ද? - ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

ලක්ෂ 3ක පිරිසක් මිය යයි ද? - ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

වර්තමානයේ ක්‍රියාත්මක නිවේදන

- රතු නිවේදන (ඉවත්ව යන්න) – දිස්ත්‍රික්ක 4ක ලේකම් කොට්ඨාස 33ක්

- අදියර 2 (සූදානම්ව සිටින්න) – දිස්ත්‍රික්ක 5ක ලේකම් කොට්ඨාස 38ක්

- අදියර 1 (විමසිලිමත් වන්න) – දිස්ත්‍රික්ක 3ක ලේකම් කොට්ඨාස 17ක්

ආචාර්ය සේනාධීර මහතා වැඩිදුරටත් පැවසුවේ, තවමත් රටේ බොහෝ ප්‍රදේශවල භූමිය අස්ථාවර තත්ත්වයක පවතින බැවින් අනවශ්‍ය ගමන්බිමන්වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙසයි.

ආපදාව ගැන දැනගත්තම රජය උපරිම ක්‍රියාමාර්ග ගත්තා - ජලාශ ඇරීම - වැසීම අපේ වැඩක් නෙමෙයි - මාලිමා මන්ත‍්‍රී සුනිල්ට මල පනී

ආපදාව ගැන දැනගත්තම රජය උපරිම ක්‍රියාමාර්ග ගත්තා - ජලාශ ඇරීම - වැසීම අපේ වැඩක් නෙමෙයි - මාලිමා මන්ත‍්‍රී සුනිල්ට මල පනී

“මේ මේ වෙලාව විනෝද චාරිකා යන්න යන කාලය නෙමෙයි. අපි ඉන්නේ තවමත් අතිශයින් අනතුරුදායක තත්ත්වයක. සති අන්තයේ විනෝද චාරිකා යන්න පුළුවන්ද කියලා අපිට ඇමතුම් එනවා. ඒත් මේ මොහොතේ ජීවිත රැකගන්න තමයි ප්‍රමුඛතාවය” යනුවෙන් ඔහු කියා සිටියේය.

නොවැම්බර් 20 සිට අද (12) දක්වා NBRO වෙත නායයෑම් අවදානම් පරීක්ෂා කිරීමට ඉල්ලීම් 2,716ක් ලැබී ඇති අතර, ඉන් 589ක් මේ වන විට පරීක්ෂා කර අවසන් බව ද ඔහු සඳහන් කළේය.

ජීවිත රැසක් දැනටමත් අහිමි වී ඇති මෙම ඛේදවාචකය අතරතුර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, NBRO සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන කෙරෙහි අතිශයින් අවධානයෙන් සිටින ලෙසත්, ලැබෙන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටී.

මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට

මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට