ලක්ෂ්මන් කිරි ඇල්ලට තරු පෙනෙයි, මන්ත්‍රීවරු ගාණකට කළින්ම වැඩේ දීලා පොලිසියෙන් නිවේදනයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් සහ විවිධ වෘත්තීයවේදීන් ඇතුළු දෙදහසකට අධික පිරිසකගේ ජංගම දුරකතන ඉලක්ක කර ගනිමින් මෑතක සිට මහා පරිමාණ මුදල් වංචාවක් ක්‍රියාත්මක වන බවට පොලිස් සහ සේවා සපයන ආයතන ආරංචි මාර්ග හෙළි කර ඇත.
ඒ අනුව මෙහි අලුත්ම සිදුවීම වන්නේ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දුරකතනයට පෙරේදා (28) දින රහසිගතව ඇතුළු වූ මෙම හැකර්වරු විසින් ඔහුගේ හිතවතුන් වෙත කෙටි පණිවිඩ යවමින් මුදල් ඉල්ලා තිබීමයි.
කෙසේ වෙතත් වාර්තා වූ පරිදී මෙම වංචනික ක්‍රියාවේදී කිරිඇල්ල මහතාගේ කිසිදු හිතවතෙක් මුදල් ලබාදී නැත.
එසේ වුවද මීට පෙර මෙබඳුම සිදුවීම්වලට මුහුණදුන් මන්ත්‍රීවරුන්ගේ හිතවතුන් වංචනිකයන්ට හසුවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතාගේ දුරකතනය හැක් කළ මොහොතේ ඔහුගේ සහෝදර මන්ත්‍රීවරයෙක් රුපියල් ලක්ෂයක මුදලක් හැකරුන්ගේ ගිණුමට බැර කර තිබෙනවා.
අනතුරුව එම මුදල තමා විසින් එම මන්ත්‍රීවරයාට ගෙවූ බව නෙල්සන් මහතා පවසා ඇති බව සඳහන්.
තවද මුජිබර් රහුමාන් මහතාගේ විදෙස්ගත හිතවතුන් දෙදෙනෙක් ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙවැනි වංචාවලට මුහුණ දී ඇති බව පවසයි.
එමෙන්ම සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ දුරකතනයට ඇතුළු වීමට හැකරුන් දැරූ උත්සාහයක් ඇයගේ කල්පනාකාරීත්වය නිසා ව්‍යර්ථ වී ඇති බව ද සඳහන්. කෙසේ වෙතත් පොලිස් මූලස්ථානය මඟින් සමාජයේ වැදගත් පුද්ගලයන් ඉලක්ක කර ගෙන ඔවුන්ගේ දුරකතනවලට සූක්ෂම ආකාරයට ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි
එසේම බොහෝ විට මෙහිදී පළමුව ඉලක්කගත පුද්ගලයාට ඇමතුමක් ලබාදී, යම් සමාජ සුබසාධන කටයුත්තක් සම්බන්ධයෙන් කතාබහ කරමින් තොරතුරු හුවමාරු කර ගැනීමෙන් පසුව දුරකතනය සිය පාලනයට නතු කරගන්නා බවට තොරතුරු ලැබී තිබෙනවා.
එනිසා යම් හිතවතෙක්ගෙන් මුදල් ඉල්ලා කෙටි පණිවිඩයක් ලැබුණහොත්, මුදල් බැර කිරීමට පෙර එම හිතවතාට සෘජුවම දුරකතන ඇමතුමක් දී එය සත්‍ය ඉල්ලීමක් දැයි නැවත තහවුරු කරගන්නා මෙන් පොලීසිය අවධාරණය කරමි මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
