WhatsApp මඟින් මුදල් වංචා - පොලීසිය ජනතාවට අනතුරු ඇඟවෙයි

Report

WhatsApp මෘදුකාංගය භාවිතා කරමින් ව්‍යාජ ඇමතුම් සහ කෙටි පණිවිඩ යොමු කර, පරිශීලකයන්ගේ WhatsApp ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිද්ධි පිළිබඳ පැමිණිලි රැසක් මේ වන විට වාර්තා වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

වංචාකරුවන් විසින් පරිශීලකයන්ගේ WhatsApp OTP (එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද) අංකය රැවටිලිකාර ලෙස ලබාගෙන, එම ගිණුම්වල පාලනය තමන් සතු කරගන්නා බව විමර්ශනවලදී හෙළි වී ඇත.

ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර

ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර

අනතුරුව, එම ගිණුම් ඔස්සේ පරිශීලකයන්ගේ සම්බන්ධතා ලැයිස්තුවේ සිටින පුද්ගලයන් වෙත ව්‍යාජ පණිවිඩ යවමින් මුදල් වංචා කිරීම සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ළමයින්ට ලිංගික අතවර කළ ගුවන් නියමුවෙකු ඇමරිකාවේදී අත්අඩංගුවට

ළමයින්ට ලිංගික අතවර කළ ගුවන් නියමුවෙකු ඇමරිකාවේදී අත්අඩංගුවට

මෙම තත්ත්වය හමුවේ, කිසිදු අවස්ථාවක තම අන්තර්ජාල ගිණුම්වල OTP අංක වෙනත් පාර්ශවයකට ලබා නොදෙන ලෙස පොලිසිය මහජනතාවට අනතුරු ඇඟවා සිටී.

එසේම, මෙවැනි වංචාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.

ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි

ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්