කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමෙන් ඉවතට.? - අලුත්ම ආරංචිය මෙන්න.
By Wayomi
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විවේක ගැන්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ මස අගදී ආරම්භ වන ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් ඇතුළත් නොවනු ඇති බවයි.
දිගින් දිගටම පිතිකරණයෙන් සාර්ථකත්වයක් පෙන්නුම් නොකිරීම මත ඔහු විවේක ගැන්වීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇත.
කෙසේ වෙතත් වන්නිදු හසරංග 20-20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව නායකත්වය සදහා සලකා බලන නම් අතර කුසල් මෙන්ඩිස්ගේ නමද ඇති බවත් ඇතැම් ආරංචි මාර්ග පවසනවා.