සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ විස්තරය මෙන්න. - 6කට බරපතළයි. - (VIDEO)

Accident Death
By Wayomi Nov 01, 2024 08:14 AM GMT
Wayomi

Wayomi

Report

අද (01) උදෑසන බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුව තිබුණේ බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතරයි.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් මෙම බස් රථය මාර්ගයේ අනෙක් පස තිබූ කණ්ඩියක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර ඒ වනවිට බස් රථය තුළ සිසු සිසුවියන් ඇතුළු 41 දෙනෙකු සිට තිබෙනවා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

නව රජය දිවුරුම් දීමෙන් පසු IMF ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නුදුරේදීම සිදු වන දෙයක් ගැන දැනුම්දීමක්.

නව රජය දිවුරුම් දීමෙන් පසු IMF ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නුදුරේදීම සිදු වන දෙයක් ගැන දැනුම්දීමක්.

බදුල්ල ශික්ෂණ රෝහලේ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ, බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් 6 දෙනා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සෙසු පිරිස සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර සැත්කම් සිදුකිරීමට නියමිත පිරිස ඒ සඳහා කඩිනමින් යොමුකරමින් සිටින බවත්, තවත් දරුවෙකුගේ ජීවිතයක් අහිමිවීමට ඉඩ නොදී කෙසේ හෝ බේරාගැනීමට උත්සාහ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

40 දෙනෙකුගෙන් යුත් මෙම පිරිසට යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක්, උපදේශකයින් 5 දෙනෙකු සහ අභ්‍යාසලාභීන් ඇතුළත්.

ඔවුන් අනතුරට ලක්ව තිබුණේ, ඊයේ (31) පස්සර පැල්ගහතැන්න කළමනාකරණ ආයතනයේ නවාතැන් ගෙන යළි ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා යමින් සිටියදීයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය කණ්ඩියේ ගැටෙන්නට ඇති බව පොලීසිය සැක පළ කරනවා.

ඔන්න ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක්. - නව මිල ගණන් මෙන්න.

ඔන්න ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක්. - නව මිල ගණන් මෙන්න.

දෙයියනේ මෙච්චර වටිනාකමක්. - මතීෂව ශ්‍රී ලංකා මුදලින් මිලියන 452කට අධික මුදලකට රඳවා ගනී.

දෙයියනේ මෙච්චර වටිනාකමක්. - මතීෂව ශ්‍රී ලංකා මුදලින් මිලියන 452කට අධික මුදලකට රඳවා ගනී.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බස් රථයක් බදුල්ලේදී පෙරළී යයි. - සිසුවියන් දෙදෙනක් මියයයි. (VIDEO /PHOTOS)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බස් රථයක් බදුල්ලේදී පෙරළී යයි. - සිසුවියන් දෙදෙනක් මියයයි. (VIDEO /PHOTOS)


ReeCha