නව රජය දිවුරුම් දීමෙන් පසු IMF ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නුදුරේදීම සිදු වන දෙයක් ගැන දැනුම්දීමක්.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ප්‍රකාශ කරනවා.
නව රජය දිවුරුම් දීමෙන් පසු IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (01) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් වොෂින්ටන් වෙත පැමිණ සිටි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළි තහවුරු කර ඇති බවද ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
