Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

vehicle imports sri lanka Sri Lanka Market
By Wayomi Oct 28, 2024 01:27 PM GMT
Wayomi

Wayomi

Report

මෙරට වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීම අපේක්ෂිත පසුබිමක, ආනයනය කරනු ලබන නව වාහන සඳහා අසත්‍ය මිල ගණන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පුවත් රාශියක් මේ වන විට සංසරණය වෙමින් පවතියි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශිෂ්ට සන්නාමයක් මෙන්ම Suzuki ඇතුළු අනෙකුත් ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සන්නාම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, මෙලෙස සංසරණය වන ව්‍යාජ තොරතුරු පිළිබඳව සිය අවධානය යොමු කර තිබෙනවා.

AMW සමාගම නව වාහනවල මිල ගණන් ගණනය කිරීම සඳහා වෙළඳපල මිලෙහි වෙනස් වීම් සමීපව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව මෙම වාහන මිල ගණන් ආනයන බදු, අනෙකුත් බදු, විනිමය අනුපාත, ප්‍රවාහන සහ විවිධ සේවා ගාස්තු වැනි සාධක මත පදනම් වේ.

AKD ආගමනයත් සමඟ කොටස් වෙළෙඳපොළෙන් අදහාගන්නත් බැරි වාර්තාවක්. - 2022 පසු සිදු වූ විශාලම වෙනස මෙන්න.

AKD ආගමනයත් සමඟ කොටස් වෙළෙඳපොළෙන් අදහාගන්නත් බැරි වාර්තාවක්. - 2022 පසු සිදු වූ විශාලම වෙනස මෙන්න.

මාස 10කට පසු යාල් දේවී හා රජරට රැජිනගේ ආගමනයත් සමඟ සංශෝදනය වූ දුම්රිය කාල සටහන් මෙන්න.(PHOTOS)

මාස 10කට පසු යාල් දේවී හා රජරට රැජිනගේ ආගමනයත් සමඟ සංශෝදනය වූ දුම්රිය කාල සටහන් මෙන්න.(PHOTOS)

අවාසනාවකට මෙන්, මේ වන විට සමාජ මාධ්‍යවල මෙම ව්‍යාජ මිල ගණන් සංසරණය කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ පාවිච්චි කරන ලද වාහන සඳහා පවතින වෙළඳපොල අගය පහත හෙලීමයි.

මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනු ලබන්නේ ‘ලියාපදිංචි මෝටර් රථ අලෙවි මාෆියාව’ ලෙසින් හඳුන්වන පුද්ගලයන් විසින් බව අපගේ විශ්වාසයයි. මෙම පාර්ශවයන් ලියාපදිංචි වාහනවල වටිනාකම ව්‍යාජව පහත හෙළීමට උත්සාහ දරමින් සිටියි.

AMW සමාගමෙහි අධ්‍යක්ෂ විරාන් ද සොයිසා මහතා සිය අදහස් දක්වමින්, “මෙලෙස අසත්‍ය තොරතුරු සංසරණය වීම ඉහළ යාම පිළිබඳ අප කණගාටුවට පත් වනවා.

විශේෂයෙන්ම මෙරට වාහන ආනයනය කිරීමට අවකාශය ඇති පසුබිමක, මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්හි ගොදුරක් බවට පත් නොවී සිටීමට අපගේ පාරිභෝගිකයන් වග බලාගත යුතුයි. මෙසේ සංසරණය වන තොරතුරු විශ්වාසදායක හෝ බලයලත් පාර්ශ්වයක් විසින් තහවුරු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වනවා" යනුවෙන් ප්‍රකාශ කළේය.

AMW සමාගම විසින් සිදු කළ ගණනයන්ට අනුව පහත සඳහන් වාහන, අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් යටතේ ඉදිරියේදී, සමාගම වෙතින් පමණක් පාරිභෝගිකයන්ට මිලදී ගත හැක.

ඒ අනුව Suzuki Alto K10 1L, Automatic රු. 6,700,000, Suzuki S-Presso 1L, Automatic රු. 6,900,000, Suzuki Celerio, 1L, Automatic at රු. 7,100,000, Suzuki Fronx, 1L Turbo Automatic රු. 10,750,000 එමෙන්ම Nissan මාදිලියේ වාහන වන Nissan Magnite, 1L, Automatic රු. 7,600,000, Nissan Magnite 1l Turbo, Automatic රු. 8,500,000, Nissan Almera, 1L, Turbo, Automatic රු. 12,600,000 සහ Nissan Urvan (15-seater) රු. 16,100,000 යන මිල ගණන් යටතේ ලබා ගත හැකිය.

ඉහත සඳහන් කළ වාහන මාදිලි තෝරා ගැනීම සහ ඒවායේ මිල ගණන් කොන්දේසිවලට යටත් බවත්, වාහන ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව රජය නිල වශයෙන් නිවේදනය කරන තෙක් AMW සමාගමෙන් වාහන වෙන් කරවා ගැනීම සඳහා පාරිභෝගිකයින් රැඳී සිටිය යුතු බවත් සමාගම අවධාරණය කරයි.

සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන මෙම නොමඟ යවන තොරතුරු පිළිබඳව විමසිලිමත්ව සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස AMW සමාගම සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි. වඩාත් නිවැරදි තොරතුරු පාරිභෝගිකයන්ට ලබා දෙමින් ඔවුන්ව දැනුවත් කිරීමට AMW සමාගම කැප වී සිටියි.

වැලිකඩ මැගසීන් බන්ධනාගාරයේ සිට ජොන්ස්ටන් කුරුණෑගල ජනතාව අමතයි.

වැලිකඩ මැගසීන් බන්ධනාගාරයේ සිට ජොන්ස්ටන් කුරුණෑගල ජනතාව අමතයි.

සිය සමාගම සහ අනෙකුත් බලයලත් බෙදාහරින්නන් විසින් සත්‍ය බවට තහවුරු කරන ලද තොරතුරු මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තැබීමේ වැදගත්කම AMW සමාගම පවසන අතර, අපේක්ෂිත වාහන මිල ගණන් හා සසදා වාහන මිලදී ගැනීමේදී මෙය ඉතා වැදගත් වෙයි.

තවද, ඩිජිටල් මාධ්‍යයන්හි අසත්‍ය තොරතුරු මෙලෙස සිතාමතා පැතිරවීමට එරෙහිව බරපතල නීතිමය පියවර ගත හැකි බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් බව සමාගම පවසයි. මෙරට නීතියට අනුව, මහජනතාව රැවටීමේ චේතනාවෙන් ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙයි.

සමාජ මාධ්‍යවල මෙලෙස තහවුරු නොකළ තොරතුරු බෙදා ගැනීමේදී වගකීමෙන් ක්‍රියා කරන ලෙස AMW සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි. සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබඳව සැකයක් ඇත්නම්, බලයලත් බෙදාහරින්නන් වැනි විශ්වාසදායක මූලාශ්‍ර මඟින් ඒවා තහවුරු කර ගන්නා ලෙස සමාගම මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Channel 4 වීඩියෝවේ මුහුණ සගවාගෙන රට පාවාදුන් අයට ආණ්ඩුවේ ඉහල තනතුරක්.

Channel 4 වීඩියෝවේ මුහුණ සගවාගෙන රට පාවාදුන් අයට ආණ්ඩුවේ ඉහල තනතුරක්.

ණය ප්‍රතිව්‍යූහගතකරණය අසමත්.? - ජනපති අනුරට ආ ලිපිය මෙන්න.

ණය ප්‍රතිව්‍යූහගතකරණය අසමත්.? - ජනපති අනුරට ආ ලිපිය මෙන්න.

ReeCha