කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බස් රථයක් බදුල්ලේදී පෙරළී යයි. - සිසුවියන් දෙදෙනක් මියයයි. (VIDEO /PHOTOS)
By Wayomi
අද(01) උදෑසන බදුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලීයෑමෙන් 35 දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක්.
අනතුරට ලක්වන අවස්ථාවේ සිසුන් 41ක් සිට ඇති බවත්, ඉන් සිසුවියන් දෙදෙනෙක් මියගොස් ඇති බවත්, කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

