තත්ත්වය නරකයි - කිම් ජෝන් වුන් තවත් ආයුධයක් අත්හදා බලයි
උතුරු කොරියා නායකයා සැහැල්ලු ගිනි අවියක් අත්හදා බලන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍යයට නිකුත් කර ඇත. උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් පසුගියදා උතුරු කොරියා අවි නිෂ්පාදන කර්මාන්තශාලාවක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම අවස්ථාවේදී ඔහු එරට නිෂ්පාදිත සැහැල්ලු ගිනි අවියක් අත්හදා බලන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍යයට නිකුත් කර ඇත.
එම අවස්ථාවට ඔහුගේ දියණියද සහභාගී වී සිටි අතර ඇයත් ගිනි අවියක් පරික්ෂා කරන ආකාරය එම ඡායාරූපවල දැක්වේ. සංචාරය අතරතුරදී ගිනි අවි නිෂ්පාදනය ඔහුගේ අධීක්ෂණයට ලක්ව ඇති අතර ක්‍රියාවලිය නවීකරණ කරන ලෙසට ඔහු උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම එම කර්මාන්තශාලාව උතුරු කොරියා හමුදාවේ සටන් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බවද ඔහු සඳහන් කර ඇත.
මීට අමතරව පසුගිය දිනක අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වනු ලබන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව ද කෲස් මිසයිලයක් අත්හදාබැලීමක් සිදුකර ඇත.
යුද උණුසුම උඩු දුවන මෙවැනි මොහොතක අඛණ්ඩව යුද උපකරණ හා ආයුධ පරීක්ෂා කිරීමත් ඒවා තවදුරටත් දියුණු කිරීමට උපදෙස් දීමත් සැලකිය යුතු කරුණකි.