ඉලක්කය 19 හැවිරිදි තරුණයා...කෙහෙල්බද්දර පද්මේගේ නෑදෑයා...ගනේමුල්ලේ සංජිව ඝාතන පළිය

Google Gun Shooting Latest Headlines Ganemulle sanjeewa Sinhala news
By Akash Apr 17, 2025 03:15 AM GMT
Akash

Akash

Report

ගම්පහ පොලිස් වසමේ පසුගියදා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරය වයස අවුරුදු 19ක තරුණයකු ඉලක්ක කර ගනිමින් සිදුකළ වෙඩි ප්‍රහාරයක් බවට අනාවරණය වී තිබෙනවා.

එම වයස අවුරුදු 19ක තරුණයා ගනේමුල්ල සංජය ඝාතන සිද්ධියේ මහමොලකරු ලෙස සැළකෙන කෙහෙල්බද්දර පද්මේගේ ඥාති සහෝදරයකු බවටයි පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

සතුරු කරදර ඉහලයි...ලග්න 7කට වාසනාව දෙගුණ තෙගුණ වේ.

සතුරු කරදර ඉහලයි...ලග්න 7කට වාසනාව දෙගුණ තෙගුණ වේ.

ගම්පහ නගර මධ්‍යයේ බස් නැවතුම්පළ අසළ පිහිටි පොදු වෙළඳ සැලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුනා. බස් නැවතුම්පළ අසළ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු කුඩා ලොරියකින් ගමන් ගත පුද්ගලයෙක් ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ගම්පහ පොලිසිය විමර්ශන ආරම්භ කළා.

ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් ඉලක්ක කරමින් වැඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් කවුරුන්දැයි අනාවරණය වී නොමැති බව සඳහන්.

වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමග එහි ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙක් රථය නවතා අසල තිබු වෙළඳසැලකට දිවගොස් දිවි බේරාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාට කිසිඳු වෙඩි වැදීමක් සිදුව නොමැති අතර තුවාල වීමක් හෝ සිදු නොවූ බව සඳහන්. වෙඩි වැදීමෙන් ලොරි රථයට පමණක් සුළු හානි සිදුව ඇති අතර සැකකරුවන් පලා ගොස් ඇති බවයි ගම්පහ පොලිසිය පවසන්නේ.

එලියට බහිනවනම් අවදානෙන් - අද උෂ්ණත්වය ඉහළට

එලියට බහිනවනම් අවදානෙන් - අද උෂ්ණත්වය ඉහළට

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් මෙවන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතිනවා.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් මිලිමීටර නවය වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි තොරතුරුව අනාවරණය වී ඇත්තේ. වෙඩිකරුවන්ගේ ඉලක්කය වූ වයස අවුරුදු 19ක තරුණයා තුවක්කුවට අතින් ගසා අසල තිබූ වෙළඳසැලකට දිවගොස් දිවි ගලවාගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එම අවස්ථාවේදී වෙඩිකරුවන් වෙළෙඳ සැල තුළට ගොස් වෙඩි තැබීමට උත්සාහ කළ ද එහි කාර්යමණ්ඩලය ඊට විරුද්ධ වීමත් සමඟ ඔහුට පලායාමට සිදුවුණා.

වෙඩිකරුවන්ගේ ඉලක්කය බවට පත් වුණු 19 හැවිරිදි තරුණයා ගනේමුල්ල සංජය ඝාතන සිද්ධියේ මහමොලකරු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මෙගේ ඥාති සහෝදරයකු බවටයි අනාවරණය වී ඇත්තේ. එම තරුණයා අවිශ්කගේ ද ඥාති සහෝදරයකු වනවා.

පසුගිය පෙබරවාරි මස 19 වන දින කොළඹ - කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩ උසාවි සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකාරණය තුල නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි තරුණයෙකු විසින් ගනේමුල්ල සංජය වෙඩි තබා ඝාතනය කර තිබුණා.



ReeCha