එලියට බහිනවනම් අවදානෙන් - අද උෂ්ණත්වය ඉහළට
By R.rishma
අද (17) දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත්වලත්, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ එළිමහන් වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.