කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට

Report

ඝාතන ඇතුළු බරපතළ අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ සැකකරුවෙකු වන “රාජු” නමැත්තා ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ප්‍රකට අපරාධකරු “කරන්දෙණිය සුද්දා”ගේ සහෝදරයා වන අතර, මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විශේෂ කණ්ඩායමක් මගින් ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අද (15) රාත්‍රියේ හෝ හෙට (16) දිනයේදී ඉන්දියාවට පිටත්ව යාමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පසුගිය කාලයේ සිදුවූ ඝාතන රැල්ල සම්බන්ධයෙන් “කරන්දෙණියේ සුද්දා” සහ ඔහුගේ සහෝදරයා වන “රාජු” යන දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණි.

රෝහලේ උණුසුම් තත්වයක් - ප්‍රතිකාර කළ වෛද්‍යවරියටම රෝගියා ලිංගික අතවර කරලා

රෝහලේ උණුසුම් තත්වයක් - ප්‍රතිකාර කළ වෛද්‍යවරියටම රෝගියා ලිංගික අතවර කරලා

විමර්ශනවලට අනුව, කුලී ඝාතක ජාලයක් ලෙස ආරම්භ කළ මෙම කල්ලියේ මෙහෙයුම් රාජු විසින් සෘජුවම සම්බන්ධීකරණය කර ඇති බවද අනාවරණය වී ඇත.

ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදා විශේෂ බලකායේ සේවය කර පසුව සේවයෙන් ඉවත්ව අපරාධ ජාලයට එක්වූ අයෙකු බවද පොලීසිය සඳහන් කරයි.

“හිත හොඳ දොස්තර” ඝාතනය සහ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය ඇතුළු සිද්ධීන් රැසකට ඔහු සෘජුව සම්බන්ධ බවටද චෝදනා එල්ල වී තිබේ.

ඔහුට එරෙහිව රතු වරෙන්තුවක්ද නිකුත් කර ඇති අතර, ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කර ඩුබායි වෙත පලාගොස් පසුව ඉන්දියාවට පැමිණ ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

යුද්ධය දිගුවොත් ලෝකයම කම්පා වෙයි - IMF එකින් දරුණුම අනතුරු ඇඟවීමක්

යුද්ධය දිගුවොත් ලෝකයම කම්පා වෙයි - IMF එකින් දරුණුම අනතුරු ඇඟවීමක්

එමෙන්ම, කරන්දෙණියේ සුද්දාගේ ගිනිඅවි ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන 26 හැවිරිදි නුවන් ධනුෂ්ක නමැත්තෙකුද ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

දැන් රටේ ලෝකේ මිනිස්ස්සුන්ට ආගම දහම අමතක වෙලා - මිහින්තලේ හිමිගෙන් ට්‍රම්ප්ටත් බැනුම්

දැන් රටේ ලෝකේ මිනිස්ස්සුන්ට ආගම දහම අමතක වෙලා - මිහින්තලේ හිමිගෙන් ට්‍රම්ප්ටත් බැනුම්