යුද්ධය දිගුවොත් ලෝකයම කම්පා වෙයි - IMF එකින් දරුණුම අනතුරු ඇඟවීමක්
ඉරානය සමඟ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර යුද්ධය දිගටම පැවතුනහොත්, ලෝක ආර්ථිකය දැඩි අවපාතයකට ලක්වීමේ අවදානමක් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු ඇඟවා තිබෙනවා.
IMF විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාව අනුව, තෙල්, ගෑස් සහ ආහාර මිල මෙම වසරේත් සහ ඉදිරි වසරේත් ඉහළ මට්ටමින් පවතින විට, 2026 වන විට ගෝලීය ආර්ථික වර්ධනය 2% ට වඩා පහළ යා හැකි බව සඳහන්.
එමෙන්ම, “මෙය 1980 සිට කිහිප වතාවක් පමණක් දක්නට ලැබුණු ගෝලීය අවපාතයකට ළඟා වන තත්ත්වයක්” ලෙසද IMF පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් අලුතින්ම දැකගත් අවස්ථාව ලෙස සඳහන් වන්නේ කොවිඩ් වසංගත කාලයයි.
ඉහළ බලශක්ති මිල සහ දිගුකාලීන ගැටුම් ලෝක ආර්ථික ස්ථාවරතාවයට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවටද වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.