මහනුවර ජාත්‍යන්තර පාසලක් කැළඹෙයි - පාසලේ අධ්‍යක්ෂවරයෙක්ගේ වාහනයට සිසුන් දෙදෙනෙක් යට වී එක් අයෙක් ජීවිතක්ෂයට
By Kaushi
මහනුවර, මහියාව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ වාහනයකට යටවීමෙන් එම පාසලේ හත් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (12) දින උදෑසන 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, අදාළ අධ්‍යක්ෂවරයා වාහනය නවතා ඉන් බැස යෑමෙන් පසුව වාහනයේ තිරිංග දෝෂයක් නිසා වාහනය එක්වරම ක්‍රියාත්මක වීමෙන්.
එම අවස්ථාවේදී පාසලේ වතුර පානය කරමින් සිටි, පාසල් දරුවන් දෙදෙනෙකු වාහනයට යටවී ඇති අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් වාහනයේ හිමිකාර අධ්‍යක්ෂවරයා කියා ඇත්තේ, තමා වාහනය නවතා ඉන් බැසයෑමෙන් පසුව මෙම අනතුර සිදුව ඇති බවයි.