උපකාරක පන්ති පැවැත්වීම තහනම් - පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන මෙන් රජයෙන් යෝජනාවක්
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනය කර ඇත්තේ රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් බවයි.
බදාදා දිනවල පෙර පාසල් ද වසා තබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා සෑම බදාදා දිනකම නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (16) සඳහන් කළේ සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවයි.
ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්
සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන් වේ.
එමෙන්ම සියලුම රාජ්‍ය උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ලබන අතර පෞද්ගලික අංශයෙන් ද නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
සංචාරක, කෘෂිකර්ම, සෞඛ්‍ය සහ වැවිලි අංශවලට ඉන්ධන සඳහා අත්‍යවශ්‍ය මුදල් ප්‍රමාණය තක්සේරු කර ඒ අනුව අමතර ඉන්ධන කෝටා නිකුත් කරනු ලැබේ.
බදාදා හැරුණු විට, අනෙකුත් වැඩ කරන දින හතරේ කාර්ය මණ්ඩලය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලය පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේය.
වැඩිදුරටත් ඔහු ඔහු පැවසුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ විභාගවලට යම් ආකාරයක බලපෑමක් එල්ලවිය හැකි බවයි.