මිලියන 600ක ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් මහනුවර රෝහලට
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කරමින් රුපියල් මිලියන 600ක් වටිනා අධි තාක්ෂණික නවීන යන්ත්‍ර දෙකක් රජය විසින් ලබා දී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ ලබා දුන් මෙම උපකරණ, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙහිදී රුපියල් මිලියන 200ක් වටිනා ESWL (Extracorporeal Shock Wave Lithotripsy) යන්ත්‍රය මගින් ශල්‍යකර්මයකින් තොරව අතිධ්වනි තරංග භාවිතයෙන් මූත්‍රා ගල් කුඩු කර පිටකිරීමේ ප්‍රතිකාර සිදු කෙරේ.
මීට අමතරව, වසර තුනක් තිස්සේ අක්‍රීයව පැවති යන්ත්‍රය වෙනුවට රුපියල් මිලියන 400ක් වටිනා නව DSA (Digital Subtraction Angiography) යන්ත්‍රයක් ද ස්ථාපනය කර ඇත.
මෙමගින් ඉතා සියුම් කැතීටරයක් (නළයක්) භාවිත කරමින් රුධිරවාහිනී ආශ්‍රිත රෝග සහ පිළිකා වැනි තත්ත්වයන් නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.