සියලුම මත්පැන්හල් මේ දිනවලදී වසා තැබිය යුතුයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රටටම නිවේදනයක්

Report

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වන ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය 2026. 05. 30 සහ 31 දෙදින පැවැත්වීමට රජය තීරණය කර ඇති බැවින් එම දින දෙක තුළ සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් දන්වා ඇත.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 2026. 03. 30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය සැමරීමේ කටයුතු 2026. 05. 30 දිනට යෙදී ඇති පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදු කිරීමට නියමිත බැවින්, 2026.05.29 වන දින මත්පැන්හල් වසනු ලබන වෙලාවේ සිට 2026. 06. 01 වන දින විවෘත කිරීමට නියමිත වේලාව තෙක් වසා තැබිය යුතු බවයි.

වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්

වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්

එමෙන්ම මීට පෙර 2026. 05. 01 සහ 02 දිනයන් හි මත්පැන්හල් වසා තැබිය යුතු බවට තීරණය කර තිබුණ ද මැයි මස පළමුවන දිනට යෙදෙන පොහොය දිනය පමණක් මත්පැන්හල් වසා තැබීමට කටයුතු කළ යුතු බවට අඳාළ නිවේදනයේ දක්වා ඇත.

එබැවින් 2026. 05. 01, 2026. 05.30 සහ 2026. 05. 31 යන දිනයන්හිදී සුරා බදු බලපත්‍රලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් සුරා බදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධ තොරතුරු 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ හෝ oicoptroom@excise.gov.lk යන විද්‍යුත් තැපෑල මඟින් යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස - උසස් අධ්‍යාපනයටත් ජාතික ප්‍රතිපත්තියක්

2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස - උසස් අධ්‍යාපනයටත් ජාතික ප්‍රතිපත්තියක්

එමෙන්ම එසේ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි