සුබ ආරංචියක් - හෙට 9ට මේ අයට ලක්ෂ 02 බැගින් වන්දි

Report

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් සඳහා නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ආරම්භ කිරීම, වන්දි ප්‍රදානය කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) දින මහනුවරදී සිදු කිරීමට නියමිතයි.

එබැවින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට මෙන්ම පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වෙන බව සඳහන්.

ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් තම කර්මාන්ත ස්ථාන හෝ යන්ත්‍රෝපකරණ ආදියට හානි සිදු වූ පුද්ගලයන්ට ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට වන්දි මුදලක් වශයෙන් රුපියල් ලක්ෂ 02 බැගින් මෙහිදී ලබා දීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ ලෙස භේදයකින් තොරව ලියාපදිංචි කර ඇති සියලු ව්‍යාපාරවලට මෙම මූල්‍ය ප්‍රදානය ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදු කිරීමට නියමිතයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූ පවුල්වලට නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය වශයෙන් රුපියල් ලක්ෂ 20 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වෙයි.

මෙම යෝජනා ක්‍රමයට තමන්ටම හිමි ඉඩමක හෝ රජය මඟින් ලබා දෙන ඉඩමක නිවස ඉදිකරන පුද්ගලයන් අයත් වේ. එමෙන්ම දිට්වා සුළි කුණාටුව නිසා පූර්ණ නිවාස හානි වූ සහ නාය යෑම් අධි අවදානම් වශයෙන් හඳුනාගෙන ඇති පවුල් ‍යළි පදිංචි කිරීමට ඉඩම් ප්‍රදානය සහ වන්දි ලබා දීම හෙට (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව සඳහන්.

ව්‍යාපාරිකයන්ට සුභ ආරංචියක් මෙන්න

ව්‍යාපාරිකයන්ට සුභ ආරංචියක් මෙන්න

තවද නිවාස අර්ධ හානි වූ පවුල් සඳහා කඩිනම් සහන සැලසීමේ අරමුණින් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වීමට නියමිතයි. ඊට අමතරව නව නිවාස ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව නව නිවසක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් වීමට නියමිත බව සඳහන්.

මේ අතර, මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ (A-009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතුද හෙට දින පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර දිගු කාලයක් ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමද හෙට පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.  

සියලුම නව මෝටර් රථ මාදිලිවලට අලුත් නීතියක් - මේ දොර හැන්ඩ්ල් එක තහනම් කරයි

සියලුම නව මෝටර් රථ මාදිලිවලට අලුත් නීතියක් - මේ දොර හැන්ඩ්ල් එක තහනම් කරයි