සියලුම නව මෝටර් රථ මාදිලිවලට අලුත් නීතියක් - මේ දොර හැන්ඩ්ල් එක තහනම් කරයි
මෝටර් රථ අනතුරකදී මගීන් බේරාගැනීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, ලොව ප්‍රථම වතාවට විද්‍යුත් මෝටර් රථවල (EV) "සැඟවුණු දොර හැන්ඩ්ල්" (Concealed/Hidden Door Handles) තහනම් කිරීමට චීනය පියවර ගෙන ඇත.
ඒ අනුව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) මඟින් නිකුත් කරන ලද මෙම නවතම ආරක්ෂණ රෙගුලාසියට අනුව, මෝටර් රථයක සෑම දොරක්ම විද්‍යුත් පද්ධතියෙන් ස්වාධීනව ක්‍රියා කරන යාන්ත්‍රික හැන්ඩ්ල් (Mechanical Handles) මඟින් ඇතුළතින් සහ පිටතින් විවෘත කළ හැකි විය යුතු වේ.
ටෙස්ලා (Tesla) වැනි සමාගම් මඟින් හඳුන්වා දුන් නවීන පෙනුමකින් යුත් "ෆ්ලෂ්" (Flush) හැන්ඩ්ල් ක්‍රියා කරන්නේ විද්‍යුත් පද්ධතියෙනි.
එහෙත් අනතුරකදී වාහනයේ විදුලිය විසන්ධි වුවහොත්, මෙම හැන්ඩ්ල් පිටතට නොපැමිණීම හේතුවෙන් ඇතුළත සිටින අය බේරා ගැනීමට බාධා එල්ල වන බව වාර්තා වේ.
ඉකුත් දා සිදුවූ Xiaomi SU7 වර්ගයේ මෝටර් රථ අනතුරකදී, ගින්නක් හටගත්තද එහි දොරවල් විවෘත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මගීන් මුදාගැනීමේ කටයුතු ප්‍රමාද විය.
ඒ අනුව මෙම සිදුවීම චීන බලධාරීන්ගේ දැඩි අවධානයට යොමුව ඇත. මෙම නව නීතිය මඟින් බාහිර හැන්ඩ්ල් එකක් අතින් අල්ලා ඇදීමට හැකිවන ලෙස අවම වශයෙන් මිලිමීටර් 60 x 20 x 25 ක ඉඩක් තිබිය යුතු බවට නියම කර තිබෙනවා.
ඒ අනුව 2027 ජනවාරි 01 මෙම දිනෙන් පසුව වෙළඳපොළට හඳුන්වා දෙන සියලුම නව මෝටර් රථ මාදිලි මෙම නීතියට අනුකූල විය යුතු බව සඳහන්.
එමෙන්ම 2029 ජනවාරි 01 දැනටමත් අනුමත වී ඇති සහ අලෙවි වන රථ මාදිලි සඳහා සිය නිර්මාණ වෙනස් කිරීමට 2029 දක්වා සහන කාලයක් ලබා දී ඇති බවද වාර්තා වේ.