මහනුවරට සහනාධාර ගෙන ගිය පිරිසක් අනතුරකට ලක්වේ
By Kanchana
අද අලුයම වෑන් රථයක් බස් රථයක පිටුපස ගැටීමෙන් පොළොන්නරුව, බැඳී වැව, පාසල අසලදී සිදුවූ රිය අනතුරක් සිදුව තිබේ එම අනතුරින් තුවාල ලැබූ භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු පුද්ගලයන් නව දෙනෙකු රෝහල්ගත කර ඇත.
එම පිරිස අතර පිරිස අතර වෑන් රථයේ රියදුරා, කුඩා දැරියක් සහ කාන්තාවන් 5 දෙනෙකු ද වේ.
ආපදාවට ලක්ව සිටින මහනුවර ප්‍රදේශයේ ජනතාව වෙත ආධාර බෙදා දී ආපසු වැලිකන්ද ප්‍රදේශය බලා ගමන් කරමින් සිටියදී එම පිරිස මෙම අනතුරට ලක්ව තිබේ.
ඒ වගේම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් පිරිසකි.
මෙම අනතුර සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය විසින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබයි.