තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේ නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බවයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත අඳාළ පියවර ගෙන ඇති බවයි.
එසේම ඊයේ (10) දිනයේ දී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.
"ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 14ක් පමණයි ආපදාවට ලක්වුණේ.ආපදාවට ලක්නොවී තිබුණ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් ආපදාවකට ලක්වුණා. කළුකැලේ කන්ද නායයෑම හේතුවෙන් පවුල් 50කට අයත් 129ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත රඳවන්න සිදුවුණා. ස්වර්ණාතොට කොට්ඨාසයේ පවුල් 60ක 157දෙනෙක්, ඌව පරණගම කොට්ඨාසයේ පවුල් 40ක 127ක්, රිදීමාලියද්ද කොට්ඨාසයේ පවුල් 50ක 139දෙනෙක්, මීගහකිවුල කොට්ඨාසයේ 35ක 158ක් නායයෑම් හේතුවෙන් ඉවත් කරන්න සිදුවුණා. හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පවුල් 18කට අයත් 87දෙනෙක් සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 34කට අයත් 148 දෙනෙක් ලෙස පවුල් 238කට අයත් 806 දෙනෙක් නිවෙස්වලින් ඉවත් කරන්න සිදුවුණා."