තවමත් 85,000 කට වැඩි පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථානවල

Report

මෙරටට බල පෑ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා තත්වයන් නිසා පුද්ගලයින් 85,000කට අධික පිරිසක් තවමත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවත් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

ඒ වගේම අද (11) උදෑසන 6ට නිකුත් කර ඇති නවතම සමස්ත ආපදා විස්තරය අනුව දිස්ත්‍රික්ක 25ක පවුල් 524,678කට අයත් පුද්ගලයින් 1,814,421 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව වාර්තා වේ.

මේ අතර, පුද්ගලයින් 639 දෙනෙකු ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයින් 193 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

මේ පළාත්වලට අද 1න් පස්සේ වෙන්නේ මේකයි

මේ පළාත්වලට අද 1න් පස්සේ වෙන්නේ මේකයි

ඒ වගේම වැඩිම මරණ සංඛ්‍යාවක් වන 234 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ තවද 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑමෙන් පූර්ණ නිවාස හානි 5,346ක් වාර්තා වන අතර, අර්ධ නිවාස හානි 86,245ක් වාර්තා වී ඇත.

ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ තවත් අවදානමට ලක්වූ පවුල් 26,841කට අයත් පුද්ගලයින් 85,351ක පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන 873ක තවමත් තාවකාලිකව පදිංචි කර ඇති බවයි .

තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි

තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි