තෙල් ගෙඩි වලට භය වෙන්න ඕනෙද?
බලන්න ඔයාගෙත් මේ වගේ ඇගේ තැන් වල තියනවද කියලා .
ඔයාට සමහර වෙලාවට හමට යටින් පුංචි ගුලියක් වගේ අහුවෙලා තියනවද ? ඒක ඔයාගෙ මෙලෙක් ගුලියක් ඔයාට ඒක පුංචි මෙලෙක් ගුලියක් වෙන්න පුළුවන් ඒවා තෙල් ගෙඩි (Lipoma) වෙන්න ප්‍රවණතාවයක් තියනවා. ඒත් ඉතිං හොදම දේ තමයි මේ ගෙඩි තෙල් ගෙඩිද කියලා හරියටම දැනගන්න ඕනේ .ඒකට ස්කෑන් එකක් කරගන්න ඕනේ.
අපි බලමු හරියටම මේ තෙල් ගෙඩි හෙවත් (Lipoma) කියන්නේ මොකද්ද කියලා .

සරලව තේරෙන විදිහට කිව්වොත් තෙල් (මේද) සෛල එකතු වෙලා හටගන්නා ගෙඩියක්. ඒත් ඔයා මේ පිළිබද බය වුණාද ඒත් භය වෙන්න දෙයක් නැහැ මේ ගෙඩි මේවා 99% ක්ම පිළිකා නොවන (Benign) ගෙඩි වර්ගයක් වෙනවා . මේ ගෙඩි ඔයාගේ ඇගේ විවිධ තැන්වල හැදෙන්න පුළුවන් .ඒ අතර උරහිස් වල, පිටේ, බඩේ, අත් සහ කකුල් වල , බෙල්ල පිටිපස්සේ වගේ වගේ ඔයාගේ ඇගේ ස්ථාන ඒ සදහා උදාහරණයි. ඔයාට මේ තෙල් ගෙඩි වලින් කිසිම වේදනාවක් එන්නේ නෑ. ඒක විශේෂත්වයක් .
ඒත් මම මේ දැන් කියන අවස්තාවලදිනම් ඔයාට වේදනාවක් වෙන්න පුළුවන් .
මේ ගෙඩිය ගොඩක් ලොකු වුණොත් (ඒ කියන්නේ සෙන්ටිමීටර කිහිපයකට වඩා වැඩි වුණොත්) ඔයාට වේදනාවක් දැනෙන්න පුළුවන් ඉඩකඩ තියනවා . ඒ වගේම තෙල් ගෙඩි ස්නායුවක් (Nerve) ළඟ පිහිටලා තියනවනම් ඒක වේදනාවක් ඇති කරනවා. ඒ වගේම ඔයාට මේ තෙල් ගෙඩි කරදර වෙන වෙලාවල් දකින්න පුළුවන් . ඒ තමයි ඔයා ඇඳුම් ඇඳීමේදී හෝ එදිනෙදා වැඩවලදී අපහසුතාවක් ඇති කරන තැනක තියෙනවා නම් ඒක ඔයාට ඇත්තටම වදයක් වෙනවා. සමහර වෙලාවට තෙල් ගෙඩි ගොඩක් පිටතට පේනවානම් ඇත්තටම ඒක ඔයාගෙ බාහිර ලස්සන අඩු කරන්න හේතුවක් වෙනවා.

ඒ වගේම ඔයා කල්පනා කරනවා ඇති මේ තෙල් ගෙඩි හෙවත් ලිපෝමා වලට ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා ඒත් කියන්නම ඕනෙ ඔයාට තියෙන්නේ තෙල් ගෙඩි හෙවත් (Lipoma) නම් ඒකට ප්‍රතිකාර ඕනෙ වෙන්නේ නැහැ.
ඒත් මම කිව්වා වගේ අනිවර්‍යෙන් ඒක තෙල් ගෙඩි හෙවත් (Lipoma) කියලා තහවුරු කර ගන්න ඕනේ .
ඔයාට මේ තෙල් ගෙඩිය ලොකු කරදරයක්ද? ඔයාගෙ ලස්සන අඩු වෙලා කියලා හිතෙනවද එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ ඒක operation එකකින් ඒක ඉවත් කර ගන්න එක ඒක භය වෙන්න ඕනෙ නැති පුංචි operation එකක්
.
ඒත් ඔයාගෙ හමට යටින් තියෙන හැම ගෙඩියක්ම තෙල් ගෙඩි (Lipoma) නෙමෙයි කියලා ඔයා අනිවාර්‍යෙන් මතක තියාගන්න . ඔයාගේ ඇගේ තියන ගෙඩිය ඉක්මනින් ලොකු වෙනවනම් . ඒ ගෙඩිය ඔයාට වේදනාකාරී නම් ඔයා බලන් ඉන්නනම් එපා. ඒවගේම ඔයා සමේ ගෙඩිය අතගාලා බලනකොට ඒක තදට (Hard) දැනෙනවා නම් ඒවගෙම ගෙඩිය එහා මෙහා කරන්න බැරි නම්. තෙල් ගෙඩි කියලා ඔයා බලාගෙන ඉන්න එපා . මොකද සමහර වෙනත් රෝග වලටත් මේ වගේ ගෙඩි එනවා .
ඉතිං හොදම දේ තමයි තෙල් ගෙඩි හෙවත් (Lipoma) ද එහෙමත් නැත්නම් වෙනත් රෝගයක්ද කියලා තහවුරු කරගන්න එක. ඒකට ඉක්මනින්ම වෛද්‍යවරයෙක්ට පෙන්නලා පරීක්ෂා කරගන්න එක වැදගත් වෙනවා. ඒ වගේම ගැටිත්තක් ඔයාගෙත් තියෙනව නම් නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා අනිවාර්‍යෙන් ශල්‍ය වෛද්‍යවරයෙක් (surgeon කෙනෙක්) හමුවන්න. මොකද අපි අපේ ඇග ඇතුළේ රෝග මොනවද කියලා දන්නේ නෑනේ . ඉතිං වෛද්‍ය පරීක්ෂන කරලා නිගමන වලට එනවනම් තමයි ගොඩක් හොද.