බිත්තර මිල 70ට යන්නේ නෑ බිත්තරයක් දෙන්නේ මේ ගාණට - නත්තලෙන් පස්සේ මිල ස්ථාපිතයි
රුපියල් 70 ට මිල ඉහළයන බව කියමින් වොයිස්කට් බිල්ලන් මවා පෑවද බිත්තරය රුපියල් 45 සීමාවෙන් අඩුවට පාරිභෝගිකයාට ලබාදෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඒ අනුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ නිෂ්පාදකයා මිල නියම කළායින් පසු අතරමැදියන් තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයාත් ගොවියාත් අතරමං වන බවයි.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රුපියල් 70 සීමාවට බිත්තර මිල ඉහළ යන බවට විවිධ පාර්ශව මාධ්‍ය හමු පවත්වා වැරදි තොරතුරු සමාජ ගතකර මෙම ක්ෂේත්‍රය වැට්ටවීමට සූදානම් වන බවයි.
එබැවින් පාරිභෝගික කටයුතු හා වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සිය සංගමය කැඳවූ බවත්, ඒ වනවිට ඇමතිවරයා දැනුම්වත් වී සිටියේ පැවති ආපදාවෙන් සතුන් ලක්ෂ 30ක් පමණ මියගොස් ඇති බව යනුවෙන් ද ඔහු පැවසුවා.
එසේ වුවත් දැදුරු ඔය නිම්නයේ මියගිය සතුන් ලක්ෂ පහක් සමඟින් දිවයිනේ මියගොස් ඇත්තේ සතුන් ලක්ෂ 8ක් පමණක් බවද ඔහු පෙන්වා දී තිබුණා.
ඒ අනුව එළඹෙන නත්තලින් පසුව රුපියල් 35ත් 40ත් අතර මුදලකට බිත්තර මිල ස්ථාපිත වන බව ඇමතිවරයාට පැහැදිලි කළ බවත් සභාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "පසුගිය වැසි සහ සුළං කාලේ තහඩු හුළඟෙ ගිහින් ඇතුළවල් තෙමුණා. තදින් වැස්ස තිබුණ අවධියේ විදුලිය විසන්ධිවීමෙන් ජල පහසුකම් නැතිවුණා වගේම කෑම දෙන්න සේවකයන්ට යන්න බැරිවුණා.සත්තුන්ට කෑම නැතිව බිම තියන අපද්‍රව්‍ය ආහාරයට අරං බිත්තර දාන ප්‍රමාණය අඩුවුණා. බේකරිවලට දැන් තියෙන ඉල්ලීම නත්තලෙන් පස්සෙ නැතිවෙනවා. මේ සියල්ල අපි ඇමතිවරයාට පහදලා දුන්නා.̎ යනුවෙන්.