විදෙස් ආධාර කළමනාකරණයට අනුකමිටු
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ලාංකිකයින්ට ලැබෙන විදේශ ආධාර නිසියාකාරව කළමනාකරණය කිරිම සඳහා අනු කමිටු පත් කර ඇත .
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ ආපදා කළමනාකරණය පිළිබද ජනාධිපති කමිටුව රැස්වු අවස්ථාවේදී එම තීරණය ගත් බවයි.
තවද එතුමා සදහන් කර ඇත්තේ මෙරටට ලැබෙන සියලුම ආධාර නිසි ලෙස දත්ත පද්ධතියකට ඇතුළත් කර , ඒවා සුදුසු පුද්ගලයාට ලබාදීම වැනි කරුණු පිළිබදව මෙම අවස්ථාවෙදී සාකච්ජා කළ බවයි .
ජනාධිපතිවරයා විසින් ආපදා කළමනාකරණය පිළිබඳ ජනාධිපති කමිටුව පත්කර ඇත්තේ ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ලබා දෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් යුත්තව විපතට පත් ජනතාව වෙත ලබා දීම සදහාය.
ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එහි සභාපතීත්වය දරනු ලබයි. එය සාමාජිකයින් සංඛ්‍යාව 8 දෙනෙකුගෙන් යුත්තය.